මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වන රෝපා ජාතික රුක් රෝපණ වැඩසටහන ජනපති ප්‍රදානත්වයෙන්

    ඔක්තෝබර් 11, 2017
    ජාතික රුක් රෝපණ මාස‍ය නිමිති කරගනිමින් ක්‍රියාත්මක කරන වන රෝපා ජාතික රුක් රෝපණ වැඩසටහනේ සමාරම්භක උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (11) පෙරවරු 10.00 ට මහනුවර දෙල්තොට කන්දේතැන්න වැව් පරිශ්‍රයේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. 
     
    ජනාධිපතිතුමන්ගේ සංකල්පයක් මත ක්‍රියාත්මක වන "පුනරුදය" පරිසර සංරක්ෂණ ජාතික වැඩසටහන යටතේ  ජල පෝෂක ප්‍රදේශ රැක ගනිමින් වන ගහනය වර්ධනය කර ගැනීම ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක මෙම වැඩසටහන වසර තුනක් පුරා ක්‍රියාත්මක වේ. 
     
    සෑම වසරක ම ඔක්තෝබර් මාසයට යෙදී තිබෙන ජාතික රුක් රෝපණ මාසයට සමගාමීව දියත් කරන මෙම වැසඩහන ‍මෛත්‍රී පාලනයක් - ස්ථාවර රටක් ප්‍රතිපත්ති ප්‍රකාශයේ  සොබා දහම රැක ගැනීම සංකල්පයට අනුව මෙම වැඩසටහන වාර්ෂිකව සංවිධානය කෙරේ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya