නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඒකීය ශ්‍රී ලංකාවත් තුළ ජිවත්වීමට අපි සියළුදෙනා කැමැත්තෙන් සිටිනවා

    ඔක්තෝබර් 03, 2017

    ඒකීය ශ්‍රී ලංකාවත් තුළ ජිවත්වීමට අපි සියළුදෙනා කැමැත්තෙන් සිටින බවත් පසුගිය වසර 70 තුළ ප්‍රජාත්ත්‍රවාදී පාලනය ඡන්ද ක්‍රමය තුළින් ස්ථාපනය කර ‍ගෙන තිබෙන බවත් විපක්ෂ නායක ආර් සම්බන්ධන් මහතා ප්‍රකාශ කරයි.

    පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිතව වසර 70ක් සම්පූර්ණවීම නිමිත්තෙන් පැවැත්වෙන විශේෂ පාර්ලිමේන්තු සභා වාරය අමතමින් විපක්ෂනායකවරයා අද (03) පාර්ලිමේන්තුවේ දී මේ බව පැවසී ය.

    මෙය විශේෂ අවස්ථාවක් වෙනවා. අගමැතිතුමාගේ යෝජනාව අපත් එකඟයි. අද පාර්ලිමේන්තුවේ 70 වසර සමරනවා. නිදහස් පාර්ලිමේන්තුව පිහිටුවා වසර 70ක් වෙනවා.

    විදේශ පාලනය යටතේ අප වසර හාරසියයකට වැඩි කාලයක් හිටියා. තරුණයකු වශයෙන් මා පෞද්ගලිකව සහභාගී වුණා නිදහස සමරන දිනයේදී. එදා ඩී එස් සේනානායක මහතා නිදහස් චත්‍රරස්‍ර‍යේ පැවැති උත්සවය මා නැරඹුවා. අපි එදා එක්සත්වයි සිටියේ.  පසුගිය වසර 70 තුළ ප්‍රජාත්ත්‍රවාදී පාලනය ඡන්ද ක්‍රමය තුළින් ස්ථාපනය කර ‍ගෙන තිබෙනවා. මැතිවරණ ක්‍රමය තුළින් පමණක් ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්න බැහැ. බහුවිධත්වයට ගෞරව දැක්වීම තිබිය යුතුයි. එය ඇත්තටම ක්‍රියාත්මක වුණේ නැහැ.

    බහුතරවාදී මතයක් පමණයක් නියෝජනය වුණේ. දිගු කාලීන සටන් අපිට අත්විදින්නට සිදු වුණා. දෙමළ ජනතාව දිගු කාලයක් තිස්සේ තම අනන්‍යතාවය හා ගෞරවය
    ආරක්ෂා කිරිමට සටනක නියළුණා. අපි සියළුදෙනා මේ සම්බන්ධයෙන් පාඩම් ‍ඉගෙනගෙන තිබෙනවා. දේශප්‍රේමීත්වය තුළ හානී දායක තත්ත්වයන්ට මුහුණ දෙනවානම් අපි ඒ ගැන සලකා බැලිය යුතුයි. දැන් අපේ රට විවිධ ක්‍රියාවලි කිහිපයක් ක්‍රියාත්මක වෙනවා. ඒකීය ශ්‍රී ලංකාවත් තුළ ජිවත්වීමට අපි සියළුදෙනා කැමැත්තෙන් සිටිනවා. අපි ඒ සම්බන්ධයෙන් විසම්මුතියකට එන්නේ නැහැ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya