පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිතව වසර 70ක් සම්පූර්ණවීම නිමිත්තෙන් පැවැත්වෙන විශේෂ පාර්ලිමේන්තු සභා වාරය අමතමින් අමාත්‍යවරයා අද (03) පාර්ලිමේන්තුවේ දී මේ බව පැවසී ය.
අපිට ලබුණු නිදහස අර්ථවත් කිරීමට පාර්ලිමේන්තුවට පැමිණි මන්ත්‍රීවරු විශාල සේවයක් කළා. ලේ වැගුරූ අයත් අද ප්‍රජාතන්ත්‍රවාදයට ඇවිත් තිබෙනවා. ඒ සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව හා ශ්‍රී ලංකා ජනතාව ප්‍රජාතන්ත්‍රවාදී වුණා. මෙය ශ්‍රී ලංකාවේ දකින්නට තිබෙන සුවිශේෂී ලක්ෂණයක්.
පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කළ යෝධයින්ට තම ජීවිත පරිත්‍යාග කරන්න සිදු වුණා.ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකාවගේ ප්‍රජා අයිතිය නැති කළා. ජනමත විචාරණයක මුවාවෙන් ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයක් ඇති වුණා. ශ්‍රී ලංකා ජනතාව පසුපට වුණේ නෑ. පාර්ලිමේන්තුව ශක්තිමත්ව ඉදිරියට ගෙන යන්න හැකි වුණේ ශ්‍රී ලංකා ජනතාවගේ හදවතේ තිබුණු හැගීම නිසයි. ජනතාව සැමවිටම පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට ශක්තිය ලබාදුන්නා.
අද අපිට තිබෙන අභියෝගය ජනතාවට වගකියන මන්ත්‍රීවරුන් පත් කරගැනීමේ ක්‍රමවවේදයක් සකස් කරගැනීම ඉදිරි පාර්ලිමේන්තුවේ පවතින අභියෝගය වන්නේ. විවිධ මත තිබුණු අය එක්තරා ස්ථානයකට පැමිණ තිබෙනවා. ව්‍යවස්ථා සංශෝධනය තුළින් විධායක ජනධිපතිධූරයේ අනිසි බලතල අඩු කර,සියලු දෙනටම හැකි වුණා 19 සංශෝර්ධනයට සහාය දෙන්න. අප විශ්වාස කරනවා රජය තුළ මේ ක්‍රියාදාමය ඉදිරියට ගිහිල්ලා සුපිරිදු ව්‍යවස්ථාවක් සකසා ගෙන ප්‍රජාතන්ත්‍රවාදය ඉදිරියට යන්න හැකිවේ යැයි විශ්වාස කරනවා. 70 වසර කාලයේ අඩුපඩු බලාගෙන ඒවා හදාගෙන ඉදිරියට යමු යැයි අමාත්‍යවරයා පැවසී ය.
,,,,,,,,,,