ආයතන මට්ටමින් වගකීම් පවරමින් අදාළ චක්‍රලේඛ මේ වන විට නිකුත් කර අවසන්ව ඇති අතර චක්‍රලේඛ අනුව නොව ජාතියේ අනාගතය වෙනුවෙන් පැවරුණු වගකීමක් සේ සලකා මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට සියලු රාජ්‍ය නිලධාරින් මෙන්ම දේශපාලඥයින් ද කැපවිය යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කළේය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (26) කොළඹ මිලෝදා ආයතනයේ පැවති දිසාපති සමුළුව අමතමිනි.
ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ පූර්ණ මැදිහත්වීමෙන් දෙ දිනක් පුරා පැවති 2017 දිසාපති සමුළුව ඊයෙන් අවසන් විය.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළේ පසුගිය වසර එක හමාරක කාලය තුළ රටට බලපෑ දැඩි නියඟය මෙන්ම ගංවතුර හේතුවෙන් පහත වැටුණු අපගේ කෘෂිකර්මාන්තය තුළ නව පරිවර්තනයක් ඇති කරමින් ගොවි ජනතාවගේ ආර්ථීකය මෙන්ම රටේ ජාතික ආර්ථීකය ශක්තිමත් කිරීම උදෙසා රජය මෙම වැඩසටහන ආරම්භ කරන බවයි.
ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ද මෙහිදී අදහස් දැක්වීය.