අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළේ, අද (26) පාර්ලිමේන්තුවේ දී උදර්පන පනත යටතේ නියමය පිළිබඳ විවාදයට එක්වෙමිනි.
යම් රටක වරදක් කරලා තවත් රටක ගිහිල්ලා සැගවී සිටිනවා. මේක පුරුද්දක් වෙලා. එහිදී මේ උදර්පන නීතිය වැදගත් වෙනවා. යම් රටක් සම්බන්ධයෙන් හෝ ඒ රටේ නීතියට බලපාන වරදක් කර තිබෙනවා නම්, එවැනි අයට පනත ක්‍රියාත්මක කරන්න බෑ. නොයෙක් වැරැදි කරලා, ජාත්‍යන්තරයේ ඉදලා මේ නීතිය හමුවට එන්නේ නැතිව ඉන්නවා. සරණාගතයින් හැටියට හරි ඇවිත් ඉන්න අයගෙන් ඒ රටේ වරදක් නිස අවශ්‍ය පුද්ගලයෙකු නම් අපි ඒ සඳහා අවශ්‍ය කටයුතු කරනවා. උදර්පන පනත නීතිය ක්‍රියාත්මක කිරීමට එකඟ වූ රටවල් සමඟ අපි ඉදිරියේ දී කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා යැයි ද අමාත්‍යවරිය පැවසී ය.