නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නැඟෙනහිර විශ්වවිද්‍යාලයේ පීඨ පහක ගැටළුවක් නෑ- අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල

    සැප්තැම්බර් 26, 2017

    නැඟෙනහිර විශ්වවිද්‍යාලයේ පීඨ පහක ගැටළුවක් ඇති වී නොමැති බවත් විශ්වවිද්‍යාල නීතියට අනුව සියයට 80%ක පන්ති සහභාගීවීමක් සිදු විය යුතු බවත් සිසුන් හා ඔලුවිල් ගම අතර කිසිදු ප්‍රශ්නයක් නොමැති බවත් උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය, සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කරයි.


    නැඟෙනහිර විශ්ව විද්‍යාලයේ සිසුන්ගේ පන්ති තහනම් කිරීම සම්බන්ධයෙන් හා අධ්‍යාපන අයිතිය අහිමිවීමේ අවධානමක් ඇතැයි පවසමින් ස්ථාවර නියෝග 23(2) යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මෙසේ පැවසී ය.

    අමූෂික නවකවදය, ලිංගික හිංසනය, පාලන අධිකාරියට බලපෑම් කිරීම, නිලධාරීන්ට බලපෑම් කිරීම හේතු නිසා විශ්වවිද්‍යාලයේ සම්මත නීතිය අනුව පංති තහනම් කර තිබෙන්නේ. බරපතල නොවූ වැරදි ඇති අයට ඉතාම කෙටි කාලයක් තුළ සමාව ලබාදී ඇත.

    සිසුන්ගේ  පැමිණීමේ දී ලබාදෙන ක්‍රෙඩිට්වලට කිසිදු බලපෑමක් නැහැ. කළමනාකරණ පීඨයේ සිසුන් හැර අනෙක් අධ්‍යයන පීඨවල අයට දේශනවලට අධ්‍යනය පීඨ 5ක සිසුන් සියයට 80කට ගැටළුවක් වී නැහැ. දේශනවලට පැමිණීමේ ප්‍රතිශතය වෙනස් කරන්න බෑ. පන්ති යන්නේ නැතිව පෙළපාලි යනවා. සිසුන් හා ඔලුවිල් ගම අතර කිසිදු ප්‍රශ්නයක් නෑ. පීඨ පහේ ප්‍රශ්නයක් නෑ. දේශවලට එන්නේ නැතිව දේශපාලනය කරනවා. සියයට 80%ක් පන්ති එන්න ඕන. මෙය සිසුන් දැනගත යුතු දෙයක්. අමානුෂික නවක වදය, ලිංගික හිංසනය, පහරදීම, නිලධරීන්ගේ රාජකාරීවලට බාධා කිරීම, පරිපාලන ගොඩනැගිල්ල අවහිර කිරීම, මේවා  බරපතල වැරදි. සියයට 80%ක් පන්තිවලට සහභාගී විය යුතුයි යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya