මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනවාරියට පෙර මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන්න - කතානායක

    සැප්තැම්බර් 23, 2017
    ජනවාරි මාසය නිමවිමට පෙර පළාත් පාලන මැතිවරණය  පවත්වන බවට සහ  මාර්තු මාසය නිම වීමට පෙර පළාත් සභා මැතිවරණය පවත්වන බවට රජය පාර්ලිමේන්තුවට දී ඇති පොරොන්දුව ප්‍රකාරව මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙස කාතානායවරයා අදාළ ආයතන වෙත දැනුම් දී ඇත.
     
    පළාත් සභා හා පළාත් පාලන විෂය භාර අමාත්‍ය ෆයිසර් මුස්තාපා, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය සහ සීමානිර්ණ කොමිෂන් සභාවේ සභාපති අශෝක් පීරිස් යන මහත්වරුන් පාර්ලිමේන්තුව වෙත කැඳවා කළ සාකච්ඡාවකදී කතානායකවරයා විසින් මෙම දැනුම් දීම සිදු කරන ලදී.
     
    පසුගිය 20දා සම්මත වූ පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධන පනතට ද  කතානායකවරයා ස්වකීය අත්සන  සටහන් කොට ඇත.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya