අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ''පරිසර වාදය'' හරිත අන්තවාදයකට ගොස් තිබෙනවා - විශාල සමාජ කථිකාවක් අවශ්‍යයි

    සැප්තැම්බර් 21, 2017

    හරිත අන්තවාදයක් තිබෙනවා.පරිසර වාදය හරිත අන්තවාදයකට ගොස් තිබෙනවා. මිනිසා සහ සතා අමතක කර තිබෙනවා. ගැමි ගොවියා ගම්මාන අතහැර දමා යන තැනට පත්වෙලා. මේ සම්බන්ධයෙන් විශාල සමාජ කථිකාවක් අවශ්‍ය වී ඇතැයිනිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා පවසයි.

    ශ්‍රී ලංකා තිරසාර සංවර්ධන පනත් කෙටුම්පත කල්තබන ලද විවාදයට අද (21) පාර්ලිමේන්තුවේ දී එක්වෙමින්  නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසී ය.

     

    මෙය ඓතිහාසික පනතක්. රටක් හැටියට ඉතා වැදගත් පනතක්. නීතියක් සම්මත කරන ඓතිහාසික අවස්ථාවක්.තිරසාර සංවර්ධනය කියන කාරණය පළල් මහජන කථිකාවකට ලක්විය යුතු බැරැරුම් මැදිහත්වීමක් විය යුතු කාරණයක්.

    මෙය ඉතාම ලස්සන වචනයක්, තිරසාර සංවර්ධනය පිළිබඳව අඳහස් තිබෙන්නේ දෘෂ්ටිවාදයකයි. මහජනතවගේ සහයෝගය ලබාගන්නා තැන කණගාටුයි. අප අන්තවාද දෙකක සිටින්නේ. අප මජර පරිභෝජනවාදයක සිටින්නේ. තවත් අන්තවාදයක ඉන්නවා. මිනිසා අමතක කර යන්න ඕන කියලා දෘෂ්ටිවාදයක් තිබෙනවා. හරිත අන්තවාදයක් තිබෙනවා. මිසාත් පරිසරයේ කොටසක් කියලා සමහරුන්ට තේරෙන්නේ නෑ. මනුෂ්‍යයා සම්බන්ධයෙන් සිතද්දී මනුෂ්‍යයන් විවිධයි. මෙය බැරෑරුම් සාකච්ඡාවකින් විසදාගත යුතු ප්‍රශ්නයක්. අපි අපේ න්‍යායන්වල හිර වී කටයුතු කළොත් මේ තිරසාර සංවර්ධනය නමට සීමා වේ යැයි නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya