මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රතිලාභ සියලු ශ්‍රී ලාංකිකයන්ට ලැබෙන නව ප්‍රගතිශීලී වැඩ රාමුවක් අර්ථදක්වන ව්‍යවස්ථාවක්- අපේ රටට වැදගත් ක්‍රියාවලියක්

    සැප්තැම්බර් 21, 2017

    නව ව්‍යවස්ථාවේ අපේ රට පරිවර්තනයකට භාජනය වන අතර සමෘද්ධිය හා වර්ධනයේ නව යුගයක් සංඛේතවත් වෙනවා. අප බලයට පත් වූ පසු සියලු ශ්‍රී ලාංකිකයන්ට සමාන අයිතියක් ඇතිවන සේ ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතිෂ්ඨාපනය කර ශක්තිමත් කළා. ශක්තිමත් ආර්ථිකයක් ගොඩ නගනු ලැබීමෙන් අත්කර ගන්නා ප්‍රගතියේ ප්‍රතිලාභ සියලු ශ්‍රී ලාංකිකයන්ට ලැබෙන නව ප්‍රගතිශීලී වැඩ රාමුවක් අර්ථදක්වන ව්‍යවස්ථාවක් බව ආණ්ඩුක්‍රක්‍රම මෙහෙයුම් කමිටුවේ සභාපති අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ, ආණ්ඩුක්‍රක්‍රම මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව ඉදිරිපත් කරමින් අග්‍රාමාත්‍යවරයා අද (21) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ ය.

    2015 ජනවාරි 08 වැනිදා ශ්‍රී ලංකා වාසි ජනතාවට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඉදිරිපත් කරන බවට  අප දුන් පොරොන්දුව ඉටු කිරීමේ තවත් පියවරක් අද ජාතික ආණ්ඩුව  ගන්නවා.අප සකස් කරන්න බලාපොරොත්තු වන්නේ ජාති ආගම් සමාජ පසුබිම් පිළිබඳ  භේදයකින් තොර සියලු ශ්‍රී ලාංකිකයන්ට පොදුවේ ප්‍රයෝජනවත් වන ව්‍යවස්ථාවක්.

    එය අප විසින් ශක්තිමත් ආර්ථිකයක් ගොඩ නගනු ලැබීමෙන් අත්කර ගන්නා ප්‍රගතියේ ප්‍රතිලාභ සියලු ශ්‍රී ලාංකිකයන්ට නව ප්‍රගතිශීලී වැඩ රාමුවක් අර්ථදක්වන ව්‍යවස්ථාවක්.අප මේ අවස්ථාවේ යොදාගත යුත්තේ,අපේ ප්‍රජාතන්ත්‍රවාදය පුළුල් කිරීමට හා සාමය ස්ථාවරත්වය ගොඩනගාගැනීමටයි. මේවා දසක තුනකට වැඩි කාලයක් තිස්සේ අපේ ජාතියට ආගන්තුක වූ දේවල්.ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීමේ සියලු දෙනාට සමෘද්ධිය තහවුරු කිරීම සාක්ෂාත් කරගැනීමට අත්‍යාවශ්‍යයි.

    රැකියා උත්පදනයටත් පෞද්ගලික ආයෝජනය ගෙන්වා ගැනීමටත් සියලු ශ්‍රී ලංකිකයන්ගේ සමෘද්ධිය වර්ධනය කර ගැනීමටත් ශක්තිමත් ආර්ථිකයක් හා සංවර්ධනයක් අත්‍යාවශ්‍යයි.

    මෙතෙක් කලක් ප්‍රචණ්ඩත්වය මැද්දෙන් සිරකර තබාගනිමින් අපේ ආර්ථික වර්ධනයට තර්ජනයක් වූ බෙදුම් හා දුරස්තභාවයන් දුරු කරන පාලමක්  සදා ගැනීමේ මහඟු අවස්ථාවක් අපට උදා වී තිබෙනවා. ව්‍යව්ස්ථා කෙටුම්පතක් සඳහා වන නෛතික ලියවිල්ල සාකච්ඡා කිරීම සඳහා පදනම් කරගත හැකි අතුරු වර්තාවක් සභාගත කරනවා.

    මෙය සාකච්ඡාවක් සඳහා පදනමක්.විවිධ පක්ෂවලට වුවමනා ස්ථාවරය ඇතුළ් කරන්න අවස්ථාවක් දුන්නා. එකට එකතුවෙලා කලේ. සියලු අඳහස් මේ වාර්තාවට ඇතුළත්. ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක් විය යුතු බව යෝජනා කර තිබෙනවා.

    බලය බෙදීමේ යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. මේ සඳහා දක්වන එකඟතාවය අනුවයි මේ රටේ අනාගතය තීරණයවන්නේ. එකඟතාවක් ගොඩනගාගැනීමේ එකඟතාවයෙන් බෙදා වෙන්කළ නොහැකි ඒකීය ශ්‍රී ලංකාවක් පිළිගැනීමට සියලු සාමාජිකයන් සූදානම්. වැඩිදුරටත් බලය බේදීමකටත් සූදානම්. අපේ රටේ දේශපාලන පසුබිමේ ලොකු වෙනසක් අත්දකිමින් සිටිනවා. අනාගතය කෙරෙහි යොමු වූ නව දිශාවකට ගමන් කිරීමයි. මේ රජයේ සහය දක්වන්නේ එවැනි වෙනසකටයි.

    ගත වූ දසක තුනක කාලයක් තිස්සේ අපට සිතා ගන්නට නොහැකි දුක් පීඩා කරදරවලින් බැට කෑවා. අපට පළමුවරට එකට ගමන් කළ හැකි පොදු වේදීකාවක් හමුවී තිබෙනවා. සාමය හා ස්ථාවරත්වය ඇති කරගැනීම සඳහා කෙරෙන මේ නව කැපවීම ශ්‍රී ලංකාවේ මතු අනාගත පරපුරට  වාසනාවන්ත වෙනසක් ඇති කරාවි.

    මේ වටිනා අවස්ථාව අපේ දෑතින් ගිලිහෙන්නට ඉඩදිය නොහැකියි. අපේ ප්‍රජාතන්ත්‍රවාදය තුළ වෛරයට කිසිදු ඉඩක් නෑ.අනාගතයටත් එවැනි ඉඩක් තිබිය නොහැකියි. බුද්ධාගමට ඇති ප්‍රමුඛස්ථානය අපේ සමාජය තුළ අරක්ෂා වෙනවා.අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පදනම වන්නේ අපේ බෞද්ධ ප්‍රතිපත්තියේ මූලධර්මයි.ඉදිරියේ දී අපේ ජාතියට මඟ පෙන්වීම සඳහා බෞද්ධ ඉගැන්වීම කෙරෙහි අප විශ්වාසය තබනවා.

    නැති ප්‍රශ්න ඉස්මතු කරමින් අනවශ්‍ය බියක් ඇතිකරමින් ආර්ථිකය විනාශ කරමින් ජනතාව බෙදා වෙන් කිරීමට අප ඉඩ දෙන්නේ නෑ.අප ඔබ වෙත පැමිණ සිටින්නේ විසඳුමක් සමඟයි.උතුරේ සිට දකුණ දක්වා සියලු පළාත් බලය බෙදීමට සහාය දක්වා තිබෙනවා.

    පළාත් පාලන ආයතන රාජ්‍ය පාලනයේ තුන්වන තලය වශයෙන් හදුනාගන්නවා. මේ යෝජනා සඳහා ආණ්ඩු පක්ෂයෙත් විපක්ෂයෙත් සහාය ලැබීම සතුටක්. ජනාධිපති,විධායකය පිළිබඳව තවදුරටත් සාකච්ඡා කළ යුතුයි. ඒ සඳහා පුළුල් සංවාදයක් අවශ්‍යයි.

    මේ අතුරු වාර්තාව සාමූහික ප්‍රයත්නයක්.මේ සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සහයෝගය ලැබුණා.නව ව්‍යවස්ථා කෙටුම්පත් සම්පාදන ක්‍රියාවලිය අධීක්ෂණය කිරීමට ව්‍යවස්ථාදායක සභාවක් පිහිටුවනු ලැබුවා.

    මෙමඟින් රට පුරා ධනාත්මක පොදු විවාදයක් ඇතිවේවා යැයි අප බලාපොරොත්තු වෙනවා. මෙය ඓතිහාසික අවස්ථාවක්.අපෙන් අනාගතයට උරුම වන්නේ නිදහස් සමානතාවයෙන් යුතු සාමකාමී ශ්‍රී ලංකාවක්. සමෘද්ධියෙන් වර්ධනය වන ශ්‍රී ලංකාවක්. ශක්තිමත් ආර්ථිකයක් ගොඩනගැඟීමට එකමුතුව ගොඩනගන ශ්‍රී ලංකවක්. මේවා ව්‍යවස්ථාදායක සභව තුළ පමණක් නොවේ.රට පුරා පුළුල්ව විවාදයට හා සාකච්ඡවට ලක්වනු ඇතැයි මා බලාපොරොත්තු වෙනවා.

    අවසානයේ සකස්විය යුත්තේ මුළු රටටම බලපාන ව්‍යවස්ථාවක්.මෙය අපේ රටට වැදගත් ක්‍රියාවලියක්.අප සියලු දෙනාම සම්බන්ධ විය යුතුයි. නව ව්‍යවස්ථාවේ අපේ රට පරිවර්තනයකට භාජනය වන අතර සමෘද්ධිය හා වර්ධනයේ නව යුගයක් සංඛේතවත් වෙනවා.අප බලයට පත් වූ පසු සියලු ශ්‍රී ලාංකිකයන්ට සමාන අයිතියක් ඇතිවන සේ  ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතිෂ්ඨාපනය කර ශක්තිමත් කළා. ජනතාවට නැවත ඔවුන්ගේ අයිතිවාසිකම් ලැබෙන බව සහතික කළා.

    බියෙන් තොරව රජය විවේචනය කිරීමට තිබෙන නිදහස මාධ්‍යවලට ලබදුන්නා.අපි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කරා ළඟා වනවිට එහි මූලික කරුණු පාර්ලිමේන්තුව තුල පමණක් නොව රටපුරා විවාදයට ලක් වීම බලාපොරොත්තු වෙනවා.

    මේ සියල්ල එකතු කළ ක්‍රියාවලියක්. ශ්‍රී ලංකවේ සියලු දෙනාටම වැඩදායි ව්‍යවස්ථාවක් ඇතිකරගැනීම සඳහා අප විසින් ප්‍රතිෂ්ඨාපනය කළ නිදහස ඉතාම වැදගත්. ශ්‍රී ලංකා රජය යුක්ති සහගත ආර්ථිකයක් ගොඩනගනු ඇතැයි ජාත්‍යන්තර ප්‍රජාව තුළ විශ්වාසයක් තිබෙනවා. නව ව්‍යවස්ථාව අපේ ප්‍රගතියේ ඉතා වැදගත් අංගයක්.මේ රජය ශ්‍රී ලංකාවේ ජතාව වඩාත් සවිබල ගන්වන ආකාරයෙන් ඉතා පැහැදිළි බලය බෙදීමක් කරන බවට පොරොන්දු වීතිබෙනවා. එමඟින් ජනතාව හා රජය අතර සමීප බව වැඩි කරනවා. සුළු පිරිසකට අපේ දරුවන්ගේ අනාගතය සොරාගැනීමට ඉඩ ලැබෙන්නේ නෑ. ඒ පදනම නව ව්‍යවස්ථාවට අන්තර්ගත වෙනවා. එය අප ආරක්ෂා කරන ව්‍යවස්ථාවක් බවද අග්‍රමාත්‍යවරයා පවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya