නැවත සභාව ආරම්භ වීමෙන් අනතුරුව සභාව ඇමතූ කතානායක කරූ ජයසූරිය මහතා සඳහන් කළේ, පළමුවෙන් ම ප්‍රමාදය සම්බන්ධයෙන් බලවත් කණගාටුව ප්‍රකාශ කරනවා. අනාගතයේ මෙවැනි අවසනාවන්ත සිදු නොවැන්නැයි ප්‍රකාශ කරනවා.
අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා - පළාත් සභා ක්‍රමයට නව මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දෙනවා.මෙය ඓතිහාසික අවස්ථාවක්. සමහරු ගැටළු ඇති කරන්න කටයුතු කළා.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා-මේ ඡන්ද ක්‍රමය ඇති කළාම කැමැති නෑ, කිසිම ජාතියකට හානියක් වෙනවට. මුස්ලිම් ජනතාව, කඳුකර ජනතාව ගැන අවධානය යොමු කර තිබෙනවා. අසාධරණයක් වන බව පේනවා නම් ඒ ගැන පාර්ලිමේන්තුවට ගෙනැවිත් සංශෝධනය කරන්න ලෑස්තියි.