අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රම සතිය ගැන සාකච්ඡාවක්

    සැප්තැම්බර් 12, 2017

    ලබන මස 05 වන  දින ආරම්භ කිරීමට නියමිත ජාතික ආහාර නිෂ්පාදන සංග‍්‍රාම සතිය පිළිබඳව විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී ඊයේ  (11) පස්වරුවේ පැවැත්විණි.

    ජාතික ආහාර නිෂ්පාදන සංග‍්‍රාම සතිය ලබන මස 05 සිට 11 දක්වා පැවැත්වීමට නියමිත අතර කෘෂිකාර්මික ක්ෂේත‍්‍රය හා ඊට අනුබද්ධිත අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, ගොවි ප‍්‍රජාව, තරුණ ප‍්‍රජාව, සිසු ප‍්‍රජාව, රාජ්‍ය හා පෞද්ගලික ව්‍යවසායකයින් සහ පළාත් සභාවල සෘජු මැදිහත්වීම මත සමස්ත දිවයිනම ආවරණය වන පරිදි මෙම වැඩසටහන ක‍්‍රියාත්මක වේ.

    ඔක්තෝබර් මස 05 වැනි දින ගොවි දිනය ලෙසත්, 06 සිසු දිනය ලෙසත්, 07 පශූ සම්පත් දිනය ලෙසත්, 08 ව්‍යවසායකත්ව දිනය ලෙසත්, ආහාර නිෂ්පාදන සංග‍්‍රාම සතිය සංවිධානය කොට ඇත. එමෙන්ම 09 ධීවර දිනය, 10 රාජ්‍ය සේවකයින්ගේ දිනය සහ 11 දියවර දිනය ලෙස ද වැඩසටහන් පැවැත්වීමට නියමිත වේ.

    දේශගුණික විපර්යාසයන් හමුවේ අභියෝගයට ලක්වූ ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන නව ජවයකින් අඛණ්ඩව ඉදිරියට ගෙන ඒමටත් කෘෂිකාර්මික ප‍්‍රබෝධයක් ඇති කිරීමටත් ජාතික ආහාර නිෂ්පාදන සංග‍්‍රාමයේ අරමුණ වන බව ජනාධිපතිතුමා මෙහිදී පෙන්වා දුන්නේය.

    ජනාධිපති කාර්යාලය, කෘෂිකර්ම අමාත්‍යාංශය හා අනුබද්ධ අමාත්‍යාංශ ද පෞද්ගලික අංශය ද සම්බන්ධ කරගනිමින් එම කටයුතු කාර්යක්ෂම කරන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන් ජනාධිපතිතුමා, ඒ සඳහා වන නව යෝජනා සහ අදහස් පිළිබඳව ද විමසීය.

    නියඟය පවතින ප‍්‍රදේශවල ගොවි ජනතාවට විශේෂ සහන ක‍්‍රමයක් යටතේ කෘෂි බීජ ලබාදීමට දැන් සිටම ක‍්‍රියාත්මක වන ලෙස සහ රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර භාවිතය පිළිබඳ මෙම වැඩසටහනේදී අවධානයක් යොමු කරන ලෙස ද ජනාධිපතිතුමා වැඩිදුරටත් උපදෙස් දුන්නේය.

    නිෂ්පාදන ක‍්‍රියාවලියට යොදා ගත හැකි පුරන්ව ගිය ඉඩම් වගා කිරීමට කටයුතු කරන ලෙසට ජනතාව දැනුවත් කරන ලෙස ද ජනාධිපතිතුමා නිලධාරීන් දැනුවත් කළේය.

    මේ අවස්ථාවට අමාත්‍යවරුන් වන දුමින්ද දිසානායක, මහින්ද අමරවීර, පී. හැරිසන්, විජිත් විජයමුණි සොයිසා, අකිල විරාජ් කාරියවසම්, යන මහත්වරුන් ද, පළාත් අමාත්‍යවරුන් ද, ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු මහතා ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරු සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya