මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සංගම් නියෝජිතයින් පිරිසක් සහ ජනපති අතර හමුවක්

    සැප්තැම්බර් 12, 2017

    සමස්ත ලංකා සෙවිලි උළු නිෂ්පාදකයින්ගේ සංගමයේ සහ සමස්ත ලංකා පාවහන් හා සම්භාණ්ඩ නිෂ්පාදකයින්ගේ සංගමයේ නියෝජිතයෝ ඊයේ (11)  ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවී තම වෘත්තීන්ට අදාළ ගැටලු පිළිබඳ සාකච්ඡාවක නිරත වූහ.

    ආදේශක බහුලවීමත් සමඟ සෙවිලි උළු අලෙවි කරගත නොහැකි වීමෙන් තමන් විඳින දුෂ්කරතා පිළිබඳ සෙවිලි උළු නිෂ්පාදකයින් මෙහිදී ජනාධිපතිතුමා දැනුම්වත් කළ අතර, මැටි ලබා ගැනීමේ දුෂ්කරතා පිළිබඳව ද සාකච්ඡාවට ලක් විය.

    සමස්ත ලංකා පාවහන් සහ සම්භාණ්ඩ නිෂ්පාදකයින්ගේ සංගමයේ නියෝජිතයෝද මෙහිදී විදේශීය නිෂ්පාදන ඇසුරින් තම කර්මාන්තය මුහුණදෙන ගැටලු ඉදිරිපත් කළහ.

    මෙම ගැටලු සම්බන්ධයෙන් ලබාදිය හැකි සහන පිළිබඳ සොයා බැලීමට ජනාධිපතිතුමා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදීම ද මෙහිදී සිදුවිය.

    රාජ්‍ය ඇමති සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ මහත්මිය ද හිටපු ජ්‍යෙෂ්ඨ අමාත්‍ය මිල්රෝයි ප‍්‍රනාන්දු මහතා ද අදාළ අමාත්‍යාංශවල ඉහළ නිලධාරීන් ද සෙවිලි උළු නිෂ්පාදකයින්ගේ සංගමයේ සහ සමස්ත ලංකා පාවහන් හා සම්භාණ්ඩ නිෂ්පාදකයින්ගේ සංගමයේ නියෝජිතයෝ ද මේ සාකච්ඡාවට එක් විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya