මහවැලි ගොවි දූ පුතුන්ගේ කී‍්‍රඩා දක්ෂතා උරගා බැලෙන වාර්ෂික මහවැලි කී‍්‍රඩා උලෙළ 29 වන වරටත් ඊයේ සහ අද දෙදින පුරා පොළොන්නරුව ජාතික කී‍්‍රඩාංගණයේදී පැවැත්වුණු අතර, එහි සමාප්ති උත්සවය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි.
දිවයිනේ මහවැලි කලාප 10 කින් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 4500 ක් පමණ මෙම කී‍්‍රඩා උලෙළට එක්ව සිටි අතර දක්ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජය සංකේත ප‍්‍රදානය කිරීම ජනාධිපතිතුමා අතින් සිදු විය.
2017 මහවැලි කී‍්‍රඩා උලෙළ ජවන සහ පිටිය දක්ෂතම කී‍්‍රඩකයා ලෙස හුරුළු වැව කලාපයේ යූ.ආර්.ඩී. රාජපක්ෂ ජනාධිපතිතුමා අතින් ජය සංකේත ලබා ගත්තේය.
එමෙන්ම මීටර් 400 දිවීමේ තරගය තත්ත්පර 56 කින් නිමාකර නව තරග වාර්තාවක් පිහිටුවමින් 2017 මහවැලි ක්‍රීඩා උළෙලේ ජවන සහ පිටිය දක්ෂතම ක්‍රීඩිකාව ලෙස වලව කලාපයේ නදීෂා රාමනායක ජනාධිපතිතුමා අතින් ජය සංකේත ලබා ගත්තාය.
තරගාවලියේ සමස්ත ශූරතාවය ලකුණු 82 ක් ලබා ගනිමින් මහවැලි බී කලාපය විසින් දිනාගත් අතර අනුශූරතාවය ලකුණු 63 ක් ලබා ගනිමින් මහවැලි එච් කලාපය විසින් හිමිකරගනු ලැබීය. තෙවන ස්ථානය ලබා ගන්නා ලද්දේ වික්ටෝරියා කලාපයයි.
එමෙන්ම මෙවර තරගාවලිය තුළ නව වාර්තා 05 ක් බිහි විය. 2018 මහවැලි කී‍්‍රඩා උලෙළ වලව කලාපය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට නියමිතය. මෙම කී‍්‍රඩා උලෙළ ඇමතූ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ මහවැලි ක්‍රීඩක කී‍්‍රඩිකාවන්ගේ දක්ෂතා මහවැලි කී‍්‍රඩා උලෙළට සීමා නොකර අඛණ්ඩව අවශ්‍ය පුහුණුවීම් සහ සම්පත් ලබාදීම අදාළ සියලු අංශවල වගකීම බවයි.
එමෙන්ම රජය කි‍්‍රයාත්මක කර තිබෙන මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන සහ පරිසර සංරක්ෂණ වැඩසටහන වැනි ජාතික වැඩසටහන්වල ප‍්‍රබල නියමුවන් ලෙස මෙම තරුණ තරුණියන් සහභාගීකර ගැනීමේ හැකියාව ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.
මහවැලි ගොවි ජනතාව සේම රටේ සමස්ත ගොවි ජනතාවගේ දායකත්වයෙන් රටට අවශ්‍ය ආහාර නිෂ්පාදනය කිරීම සඳහා රජය ආරම්භ කිරීමට නියමිත ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන ලබන ඔක්තෝබර් 05 වන දිනට යෙදෙන පුන් පොහෝ දින ආගමික ආශිර්වාද මධ්‍යයේ කි‍්‍රයාවට නංවන බවද ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.
මහවැලි සංවර්ධන හා පරිසර රාජ්‍ය අමාත්‍ය මහින්ද අමරවීර, උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න යන මහත්වරුන් ඇතුළු පළාතේ මැති ඇමතිවරු සහ මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක, මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ගෝඨාභය ජයරත්න, මහවැලි කේන්ද්‍රයේ අධ්‍යක්ෂ අනුර ලේකම්ගේ යන මහත්වරුන් ඇතුළු නිලධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.