කවුඩුල්ල මිරිස්හේන ග්‍රාමීය සංවර්ධන කටයුතු මෙහිදී ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණු අතර ප්‍රදේශයේ ධීවර ජනතාවට නිවාස ආධාර ලබාදීම, ධීවර ආම්පන්න ප්රදානය සහ ධීවර කර්මාන්තය වෙනුවෙන් මූල්‍යාධාර ප්රදානය කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.
මෙම අවස්ථාවේ කුඩා දැරියක් ජනාධිපතිතුමා අසළට පැමිණ ජනාධිපතිතුමා හට සිය සෙනෙහස පෑ අයුරු සියල්ලන්ගේ අවධානය දිනාගත් සුවිශේෂ සිද්ධියක් විය.
අමාත්‍ය මහින්ද අමරවීර, උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න, උතුරු මැද පළාත් අමාත්‍ය සම්පත් ශ්‍රී නිලන්ත යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.