ගෘහස්ථ ළමා හිංසනය, ලිංගික අපයෝජනය, අපරාධ සඳහා ළමුන් යොදා ගැනීම සහ ළමා ශ‍්‍රමය සූරාකෑම ඇතුළු වත්මන් ළමා පරපුරට මුහුණදීමට සිදුව ඇති හිංසනයන්ගෙන් ඔවුන් මුදාගෙන සුරක්ෂිත කිරීමට කටයුතු යෙදීම මෙම ජාතික වැඩසටහනේ අරමුණයි.
මේ යටතේ සෞඛ්‍ය අධ්‍යාපනය, මනෝ උපදේශනය සහ නීති උපදේශනය ඇතුළු ක්ෂේත‍්‍ර ගණනාවක් ඔස්සේ දරුවන් බලගැන්වීමට නියමිතය.
වසර දෙකක කාලයක් තුළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති අතර දිවයින පුරා පළාත් දිස්ත්‍රික්ක සහ ප‍්‍රාදේශීය මට්ටමින් වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි.
ළමා ශ‍්‍රමය සූරා කෑමට එරෙහි ජාතික ප‍්‍රතිපත්තියක් එළිදැක්වීම ද මෙම සමාරම්භක උත්සවයේදී සිදු කෙරෙන අතර “අනාගතය දිනන දරුවෝ” නමින් දරුවන්ගේ පෞරුෂය වර්ධනය කිරීමේ වැඩසටහනක් ද ක්‍රියාවට නැංවේ.