දේශීය ආදායම් බදු පනත් කෙටුම්පත විවාදයට අද (07) පාර්ලිමේන්තුවේ දී එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ය.
ඉතාම වැදගත් පනතක්.ලෝකයේ සෑම රටක් ම රටවල් පාලනය කරන ආණ්ඩුවලට සිදු වෙනවා, විවිධාකාරයෙන් රජයට මුදල් එකතු කරන්න. ඒ නිසා විවිධ බදුවර්ග, ආදායම් මාර්ග ශක්තිමත් කරන්න කටයුතු කරනවා. විපක්ෂයේ සිටින පක්ෂ මෙවැනි අනපනත් ගේන අවස්ථාවේ දී සාධාරණ විවේචන යෝජනා පිළිගැනීම වගකිව යුතු රජයක වගකීමයි.
වෘත්තීය සමිතිවල විවිධ පාර්ශව වල අඳහස් යෝජනා ලබාගෙන පනත ඉදිරිපත් කරන්නෙ. පනත ගෙනාවට පස්සේ විශාල ලෙස සාකච්ඡාවට භාජනය වූ කරුණු ගණනාවක් තිබුණා. පුන්‍ය ආයතනවලට අලුතින් බද්දක් පනවනවා,ජ්‍යේෂ්ඨ පුරවැසියන්ට අලුතින් බද්දක්, සේවක අර්ථ සාධක අරමුදල අලුතින් බද්දක් ගේනවා කියලා රටේ මතයක් ගෙන ගියා.මේවා දකින්න ලැබුණේ. මේ කරුණු සම්බන්ධයෙන් පසුගිය රජයේ දී බදු ගැහුවා. අද රජයට තිබෙන ප්‍රධාන අභියෝගය, මේ ආදායම නිසි පරිදි යොදවනවා ද කියන එකයි.බදු පනවලා, ආදායම ලබාගන්නවා වගේම තව බොහෝ අංශ තිබෙනවා, ආදායම වැඩි කරගත යුතු.බදු පනවා රාජ්‍ය ආදායම වැඩි කරගන්නවා වගේම නොලැබෙන රාජ්‍ය ආදායම ලබාගැනීම සඳහා එම ආදායම උපයන ආයතන පිළිබඳව අවධානය යොමු කළ යුතු යැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.