අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හොරොව්පොතාන මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරය සිසු අයිතියට

    ජූලි 05, 2014
    හොරෙව්පොතාන රුවන්වැලි මහා විද්‍යාලයේ ඉදිකරන ලද මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (05) සිසු අයිතියට පත් කිරීමට නියමිතය.
     
    අංග සම්පූර්ණ ගණිතාගාරයකින්, පරිගණක 25කින් සමන්විත භාෂාගාරයකින්, පරිගණක 40කින් සමන්විත පරිගණකාගාරයකින් සහ දුරස්ථ ඉගෙනුම් මධ්‍යස්ථානයකින් මෙම තාක්ෂණ විද්‍යාගාරය සමන්විත වේ.
     
    මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාර ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සංකල්පයකට අනුව මහින්ද චින්තන ඉදිරි දැක්ම යටතේ අධ්‍යාපන අමාත්‍යාංශයේ පූර්ණ අධීක්ෂණය සහිතව ක්‍රියාත්මක වේ. 
     
    මේ අවස්ථාවට සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය ගීතාංජන ගුණවර්ධන, ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මුත්තු සිවලිංගම් හා ආසන සංවිධායක සුජිත් විජිතමුණි සොයිසා යන මහත්වරු ද සහභාගි වනු ඇත.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya