අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දේවරක්ඛිත නාහිමිගේ සුව දුක් විමසන්නට ජනපති යයි

    ජූලි 05, 2014

    ගාලු කෝරළයේ ප‍්‍රධාන සංඝනායක, පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ ගාලු ආයතනයේ හිටපු ආයතනාධිපති, ගාල්ල ශී‍්‍ර පුඤ්ඤසාර පිරිවෙනේ හිටපු පරිවෙනාධිපති පූජ්‍ය බද්දේගම දේවරක්ඛිත නායක හිමිපාණන් වහන්සේගේ සුව දුක් විමසීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඊයේ (04) ගියේය.


    ගාල්ල, බෝපේ පෝද්දල සාම්ප‍්‍රදායික ලී කැටයම් ගම්මානයේ පොදු පහසුකම් ශිල්පීන් වෙත පැවරීමේ උත්සවයට සහභාගීවීමෙන් අනතුරුව පූජ්‍ය බද්දේගම දේවරක්ඛිත නායක හිමිපාණන් වහන්සේ වැඩ වෙසෙන ගාල්ල, කච්චිවත්ත පුරාණ රජමහා විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා උන්වහන්සේගේ සුව දුක් විමසා සුහද පිළිසඳරක නිරත විය.


    පූජ්‍ය බද්දේගම දේවරක්ඛිත නායක හිමිපාණන් වහන්සේ අතිගරු ජනාධිපතිතුමා මංති‍්‍රවරයෙකුව සිටින අවධියේ සිට නිරන්තරයෙන් අවවාද අනුශාසනා සිදු කළ නායක හිමිපාණන් වහන්සේ නමක් වන අතර අතීත සිදුවීම්ද සිහිපත් කරමින් ජනාධිපතිතුමා උන්වහන්සේට නිදුක් නිරෝගි සුවය ද ප‍්‍රාර්ථනා කළේය.

     

    HC/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya