අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දෝෂාරෝපණවලට ලක් වෙතැයි බියෙන් රට සංවර්ධනය නොකර සිටීම වත්මන් රජයේ ප‍්‍රතිපත්තිය නොවේ - ජනපති

    ජූලි 04, 2014

    ජනතාවගේ දෝෂාරෝපණයට ලක් වෙතැයි බියෙන් රට සංවර්ධනය නොකර සිටීම වත්මන් රජයේ ප‍්‍රතිපත්තිය නොවන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පවසයි.


    දෝෂ දර්ශනයට බියෙන් රට සංවර්ධනය නොකර සිටි විපක්ෂය සහ වත්මන් රජය අතර වෙනස එය බවද පෙන්වා දුන් ජනාධිපතිතුමා වත්මන් රජය කිසිවිටෙකත් ඡන්දය බලාගෙන රටට වැඩ නොකළ බවද කියා සිටියේ ය.


    ගාල්ල, බෝපේ පෝද්දල සාම්ප‍්‍රදායික ලී කැටයම් ගම්මානයේ පොදු පහසුකම් ශිල්පීන් වෙත පැවරීමේ උත්සවයට එම ගම්මානයේදී අද (04) එක් වෙමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ බව පැවසීය.


    සාම්ප‍්‍රදායික හස්ත කර්මාන්ත ගම්මාන සංවර්ධන වැඩසටහන යටතේ ජාතික ශිල්ප සභාව විසින් මෙම සංවර්ධන කටයුතු සිදු කර ඇත. සංවර්ධනය යනු ගමේ පාරට කාපට් දැමීම පමණක් නොව ගමේ ජනතාව ආර්ථික වශයෙන්ද ඉහළට ඔසවා තැබීම බව ජනාධිපතිතුමා මෙහිදී වැඩිදුරටත් පැවසීය.


    වගකිවයුතු රජයක අරමුණ වන්නේ රටේ සියලු ජනතාවගේ ජීවන තත්ත්වය ගොඩ නැගීම බව ද ජනාධිපතිතුමා එහිදී පැවසීය.


    2012 අය වැය ප‍්‍රතිපාදන යටතේ සාම්ප‍්‍රදායික හස්ත කර්මාන්ත ගම්මාන සංවර්ධනයට වෙන් කරන ලද ප‍්‍රතිපාදනවලින් රුපියල් මිලියන 7.5ක මුදලක් වැය කරමින් මෙම වැඩසටහන කි‍්‍රයාත්මක කර ඇත. ශිල්පීන් සඳහා වැඩහල් ලබාදීම, උපකරණ හා අමුද්‍රව්‍ය ලබාදීම, නව මෝස්තර පුහුණුව ලබාදීම, ප‍්‍රචාරාත්මක වැඩපිළිවෙළවල් සැකසීම, වෙළඳපළ අවස්ථා විවර කරදීම ඇතුළු කටයුතු ගණනාවක් මෙම මේ යටතේ කි‍්‍රයාත්මක කෙරේ.


    සාම්ප‍්‍රදායික හස්ත කර්මාන්ත ගම්මාන සංවර්ධන වැඩසටහන යටතේ ගම්මාන 07ක් සංවර්ධනය කිරීමට රජය පියවර ගෙන ඇති අතර මහනුවර නීලවල ස්වර්ණාභරණ ගම්මානය, මහනුවර කූරගල සංගීත භාණ්ඩ ගම්මානය, මාතර හිත්තැටිය සංගීත භාණ්ඩ ගම්මානය, මාතලේ පහළ හපුවිද ලාක්ෂා ගම්මානය, මාතලේ උණවේරුව සේසත් ගම්මානය, කළුතර බටුවිට, බණ්ඩාරවත්ත වෙස් මුහුණු ගම්මානය ඊට ඇතුළත්ය.


    ගාල්ල, බෝපෙ පෝද්දල සාම්ප‍්‍රදායික ලී කැටයම් ගම්මානයේ ශිල්පීන් සඳහා උපකරණ බෙදාදීමද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය. 150 දෙනෙකු වෙත උපකරණ ප‍්‍රදානය කෙරෙන අතර එය සංකේතවත් කරමින් 10 දෙනෙකු වෙත ජනාධිපතිතුමා අතින් උපකරණ ප‍්‍රදානය කෙරිණි. ශිල්පීන්ගේ වැඩහල් නිරීක්ෂණය කිරීමටද ජනාධිපතිතුමා එක් විය.


    එම ශිල්පීන් විසින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙත තම උපහාරය පිළිගන්වමින් තම නිර්මාණ කිහිපයක්ද එතුමා වෙත පිළිගන්වන ලදී.


    සාම්ප‍්‍රදායික සහ කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, ජ්‍යෙෂ්ඨ අමාත්‍ය පියසේන ගමගේ, දකුණු පළාත් ආණ්ඩුකාර කුමාරි බාලසූරිය, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන වීරකුමාර දිසානායක, නිශාන්ත මුතුහෙට්ටිගම, පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් වන වෛද්‍ය රමේෂ් පතිරණ, මනුෂ නානායක්කාර, සාම්ප‍්‍රදායික සහ කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් බී. සිවඥානසෝති, ජාතික ශිල්පි සභාවේ සභාපති බුද්ධි කීර්තිසේන යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ


    HC/pmu_Pix By : Chandna Perera

    Amenities for traditional wood craftsmen in South 1

    Amenities for traditional wood craftsmen in South 2

    Amenities for traditional wood craftsmen in South 3

    Amenities for traditional wood craftsmen in South 5

    Amenities for traditional wood craftsmen in South 4

     

    Amenities for traditional wood craftsmen in South 6

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya