අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අන්තවාදින්ගෙන් තමන්ගේ ආගමටවත් සාධාරණයක් ඉටු වන්නේ නැහැ

    ජූලි 04, 2014

    කුමන ආගමකට අයත් වුවත් උපන් රටට ගරු කළ යුතුයි - ජනපති


    වෙනත් ආගම් හෙළා දකින සහ ඒවාට විරුද්ධව කතා කරන අය සිදු කරන්නේ තමන්ගේ ආගමට නිග‍්‍රහයක් බව පැවසූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අන්තවාදින්ගෙන් කිසිදා තමන්ගේ ආගමටවත් සාධාරණයක් ඉටු නොවන බව කියා සිටියේ ය.


    ආගම, ධර්මය නිසි ලෙස අදහන්නන් සාධාරණ මෙන්ම යුක්තිගරුක විය යුතු බව ද පෙන්වා දුන් ජනාධිපතිතුමා සෑම ආගමකම මග පෙන්වීම එය බව ද පැවසීය. කුමන ආගමකට අයත් වුවත් සියලුදෙනා තමන් උපන් රටට ගරු කළ යුතු බව ද ජනාධිපතිතුමා පැවසීය.


    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ බව පැවසූවේ ප‍්‍රතිසංස්කරණය කරන ලද ගාල්ල, කොටුව මෙතෝදිස්ත දෙව් මැදුර අද (04) කි‍්‍රස්තු භක්තිකයින්ට යළි පවරා දීමේ උත්සවයට සහභාගී වෙමිනි.


    ශී‍්‍ර ලංකා මෙතෝදිස්ත සභාවට වසර 200ක් පිරීම නිමිත්තෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මග පෙන්වීමෙන් ශ‍්‍රී ලංකා නාවික හමුදාව විසින් මෙම දෙව් මැදුරේ ප‍්‍රතිසංස්කරණ කටයුතු සිදු කර ඇත.


    මෙම දෙව් මැදුර ප‍්‍රතිසංස්කරණය කර යළි පවරාදීම මේ රටේ කි‍්‍රස්තු භක්තිකයින් වෙනුවෙන් සිදු කළ ඓතිහාසික යුතුකමක් බව ද මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිතුමා මෙම අවස්ථාව ආගමික සංහිඳියාව ලොවටම පෙන්වන වටිනා අවස්ථාවක් බව ද පැවසීය.


    ආගම් භේදයකින් තොරව එම කටයුතු සඳහා දායක වූ සියලුදෙනාට ස්තූතිය ද පළ කර සිටි ජනාධිපතිතුමා මෙය රටේ ආගමික ගැටලු ඇති කිරීමට උත්සාහ දරන පිරිස්වලට වටිනා පූර්වාදර්ශයක් බවද කියා සිටියේ ය. ඉඳහිට සිදුවන සුලු සිදුවීම් ලෝකයට පෙන්වන අය මෙම කටයුතුත් ලෝකයට පෙන්විය යුතු බවද ජනාධිපතිතුමා සඳහන් කළේය.


    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙත ආශිර්වාද පළ කිරීමේ විශේෂ දේව මෙහෙයක්ද මෙහිදී පැවැත්විණි. ශී‍්‍ර ලංකා මෙතෝදිස්ත සභාවේ මහානායක ආචාර්ය ගෞරවනීය ඒ.ඩබ්. ජෙබනේසන් දේවගැතිතුමා ආගමික වතාවත්වත් සිදු කොට ආශිර්වාද පළ කළහ.


    එහිදී මෙතෝදිස්ත සභාව විසින් ජනාධිපතිතුමා වෙත විශේෂ සමරු තිළිණයක් පිළිගන්වන ලදී.


    ජ්‍යෙෂ්ඨ අමාත්‍ය පියසේන ගමගේ, දකුණු පළාත් ආණ්ඩුකාර කුමාරි බාලසූරිය, නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම, පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් වන රමේෂ් පතිරණ, මනුෂ නානායක්කාර යන මහත්වරන් ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් ද හිටපු නාවික හමුදාපති අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා සහ නව නාවික හමුදාපති වයිස් අද්මිරාල් ජයන්ත පෙරේරා යන මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.


    HC/pmu_Pix By : Chandna Perera

    Renovated Methodist Church Fort Galle 1

    Renovated Methodist Church Fort Galle 2

    Renovated Methodist Church Fort Galle 3

    Renovated Methodist Church Fort Galle 3

    Renovated Methodist Church Fort Galle 4

    Renovated Methodist Church Fort Galle 5

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya