පළාත් පාලන සංශෝධන පනතින් රාජ්‍ය සේවයන්ගේ මූලික අයිතිය කඩ වූ බවත් තරුණ නියෝජනය අහෝසී වී ඇති බවටත් ප්‍රශ්න කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවසී ය.
මෙහිදී අඳහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා:
ගිය පාර්ලිමේන්තු සතියේ දී පළාත් පාලන පනත සංශෝධනය කළා. මේ කියන ප්‍රශ්න මතු වුණා. මේක වාද විවාදය කර බහුතරයක් ඡන්දය දී අනුමත කළ නිසා සම්මත වුණා. සභාව ප්‍රකාශ කර තිබෙන්නේ. අඩුපාඩු බලලා සංශෝධන ගේන්න සිදු වෙයි. අපි සමහරවිට එන වසරේ ඡන්දය තියන්න පුළුවන්. තව සංශෝධන ගේනවා නම් ඡන්දය කල් යන්න පුළුවන්.
පක්ෂ නායකයන්ට තීරණය කරන්න වෙයි තව සංශෝධන ගෙන එනවාද කියල. නැත්නම් ඡන්දය කල් යයි. මේ ප්‍රශ්නය කාරක සභා අවස්ථාවේ දී වාද කළා. මූලික අයිතිවාසිකම්,නැතිවෙනවා කිව්වා. යම්කිසි කාලසීමාවක් වුවමනයි කියලා. සභාව ගත්ත තීරණය තමයි අත්සන් කළේ. මෙය අත්හදා බැලීමක්.මෙහි අඩුපාඩු තිබෙන්න පුළුවන්.මේවා ආපසු වෙනස් කරනන් අවශ්‍ය නම් පක්ෂ නායක රැස්වීමේ දී තීරණය කරන්න ඕන එය මට තනිවම කළ නොහැකියි බවද අග්‍රාමාත්‍යවරයා පැවසී ය.