එම ව්‍යාපෘතියේ ප්‍රගතිය විමසා බැලු ජනාධිපතිතුමා අඩුපාඩු පවතින්නේ නම් අදාළ අංශ සමඟ සාකච්ඡා කර එම ගැටලු විසඳා ගනිමින් ව්‍යාපෘතියේ කටයුතු කඩිනමින් නිම කිරීමට ද නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
අනතුරුව ව්‍යාපෘතියේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් ඉංජිනේරුවන් සමඟ ද සුහද කථා බහක නිරත විය.
යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා ඇතුළු ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙන්ම ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා ද මෙම අවස්ථාවට එක්විය.