නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නවෙස්ටා ෆාමසියුටිකල්ස් නව කර්මාන්ත ශාලාව ජනපති අතින් විවෘත කෙරේ

    අගෝස්තු 31, 2017

    දේශීය ඖෂධ නිෂ්පාදන ක්ෂේත‍්‍රය තුළ නවමු සංධිස්ථානයක් සනිටුහන් කරමින් නවෙස්ටා ෆාමසියුටිකල්ස් ප‍්‍රතිජීවක එන්නත් නිෂ්පාදන කර්මාන්තශාලාව ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් හොරණදී විවෘත කෙරිණි.

    නවෙස්ටා ෆාමසියුටිකල්ස් සමාගම විසින් රුපියල් බිලියන 1.4 ක ආයෝජනයක් සිදුකරමින් මෙම කර්මාන්ත ශාලාව ඉදි කර තිබේ.

    මෙම නවතම ඖෂධ නිෂ්පාදනාගාරය, වාර්ෂිකව ආසන්න වශයෙන් ඖෂධ කුප්පි මිලියන 50ක් රජයේ සෞඛ්‍ය අංශයට ලබාදීමට නියමිත අතර එමගින් විදේශයට ඇදීයන අතිවිශාල මුදලක් රට තුළ ඉතිරිකර ගැනීමට හැකියාව ලැබේ.

    එමෙන්ම ජෛව රසායන, ඖෂධ විද්‍යාව, අණුක ජීව විද්‍යාව ආදී ඖෂධ නිෂ්පාදනයට අදාළ ක්ෂේත‍්‍රවල විශේෂඥ දැනුම සහිත ලාංකිකයින්ට රැකියා අවස්ථා උත්පාදනය කිරීමද මෙමගින් සිදු කෙරේ.

    අභිනව කර්මාන්තශාලාවේ නිෂ්පාදනය කරන ලද ප‍්‍රථම ඖෂධ නිෂ්පාදන කට්ටලය නවෙස්ටා ෆාමසියුටිකල්ස් පුද්ගලික සමාගමේ සභාපති සංජය ජයරත්න මහතා විසින් මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.

    සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, පාර්ලිමේන්තු මන්තී‍්‍ර හර්ෂණ රාජකරුණා යන මහත්වරුන් ඇතුළු ආරාධිත පිරිසක් ද, නවෙස්ටා ෆාමසියුටිකල්ස් පුද්ගලික සමාගමේ සභාපති සංජය ජයරත්න මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya