නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දස ලක්ෂයක් සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩපිළිවෙල යථාර්තයක් කළ හැකියි

    අගෝස්තු 24, 2017

    දස ලක්ෂයක් සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩපිළිවෙල ඉදිරි වසර දෙක ඇතුළත යථාර්තයක් කරන්න හැකි වනබව ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.

     අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (24) පාර්ලිමේන්තුවේ සභාව කල්තබන අවස්ථාවේ යෝජනාවේ විවාදයේ පිළිතුරු කතාව කරමිනි.

    පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ආශූ මාරසිංහ මහතා විසින් සභාව කල්තැබීමේ යෝජනාව ඉදිරිපත් කළේ ය.

     

    දැවැන්ත වැඩකට අත ගහන්න වී තිබෙනවා. මෙය අග්‍රාමාත්‍යතුමා වෙත මතිවරණ පොරොන්දුවක්. දස ලක්ෂයට සින්නකර ඔප්පු ලබාදෙන පොරොන්දුව. මෙය යථාර්තයක් කරගන්න හැකි වී තිබෙනවා. අගමතිතුමා දායකත්වය ලබාදෙනවා. ඉඩම් ප්‍රශ්න ගැන ප්‍රායෝගික දැනුමක් තියෙන ජන නායකයෙක් අපේ රටේ ජනාධිපතිතුමා. ජනතාවට සේවයක් කරන්න මහා පුන්‍යකර්මයක් කරන්න පුළුවන් අමාත්‍යාංශයක් ලබී තිබෙනවා.

    දස ලක්ෂයක් සින්නක්කර ඔප්පු ලබාදීමේ වැඩපිළිවෙල ආරම්භ වෙලා තියෙන්නේ. නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට යවා තිබෙනවා. කබිනට් මණ්ඩලයට යෝජනාව ඉදිරිපත් කරන්න පුළුවන්. කඩිනම් ඔප්පු ලබාදීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා. ඉදිරි වසර දෙක ඇතුළත මේ වැඩපිළිවෙල යථාර්තයක් කරන්න හැකි වෙනවා යැයි අමාත්‍යවරයා පැවසී ය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya