නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන ) පනත් කෙටුම්පත ප්‍රගතිශීලියි - ගමට වගකියන මන්ත්‍රීවරු බිහිකරමු

    අගෝස්තු 24, 2017

    රටේ කාන්තාවන්ට දේශපාලන ක්ෂේත්‍රයට ඇතුළත්වීමට අවස්ථාවක් ලැබී තිබෙනවා. අපි ප්‍රගතිශීලී ගමනක් යා යුතුයි. පළාත් පාලන ආයතන  ඡන්ද විමසීම් (සංශෝධන ) පනත්   කෙටුම්පත ප්‍රගතිශීලියි යැයි පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා අද (24) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

    පළාත් පාලන ආයතන  ඡන්ද විමසීම් (සංශෝධන ) පනත් කෙටුම්පත විවාදයේ පිළිතුරු කතාව කරමින් අමාත්‍යවරයා මේ බව පැවසී ය.

    ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම වෙනුවෙන් කොට්ටාශ ක්‍රමය බිහි කිරීමට අභියෝග මද්දෙ ,ගමට මන්ත්‍රීවරයකු බිහි කිරීමේ අවස්ථාව තිබෙනවා. කාන්තාවට සියයට 25%ක් දීමෙන් ආණ්ඩුව ප්‍රගතිශීලී පියවරක් ගත්තා. මේ රටේ කාන්තාවන්ට දේශපාලන ක්ෂේත්‍රයට ඇතුළත්වීමට අවස්ථාවක් ලැබී තිබෙනවා.

    අපි ප්‍රගතිශීලී ගමනක් යා යුතුයි. නව කොට්ඨාශ බිහිකිරීමේ බලය නෑ. ඡනදය කල්දැමීම කළ නොහැකියි. නව රජය යටතේ තමයි සීමා නීර්ණ වාර්තාව ලබාදුන්නේ. යම් දෙයක් හරි ආකාරයෙන් නිවැරැදිව කළ යුතුයි. මම නිලධාරිවාදයට යටත්වෙලා කටයුතු කරන්නේ නෑ. මේ කෙටුම්පත ප්‍රගතිශීලියි. කෙටුම්පත සියලු මන්ත්‍රීවරුන්ට පැහැදිළි කර දීමට කටයුතු කරනවා.හෙට උදේ අටට මන්ත්‍රී කණ්ඩායමක් කතා කරනවා. මා විශ්වාස කරනවා සහයෝගයෙන් මේ සඳහා මුහුණ දිය යුතුයි.අද පක්ෂ නායක රැස්වීමේ දී විවාදයට කාලය වෙන් කළා. හෙට කාරක සභා අවස්ථාව තිබෙනවා.සියලු දෙනාම මේ කෙටුම්පතට සහාය දක්වලා ගමට වගකියන මන්ත්‍රීවරු බිහිකරමු යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya