පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන ) පනත් කෙටුම්පත විවාදයට එක්වෙමින් අද (24) පාර්ලිමේන්තුවේ දී නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසී ය.
ප්‍රමාදය වුණේ අත්‍යාවශ්‍ය කාරණා කීපයක් ඉටු කරන්නයි. කාන්තා නියෝජනය තහවුරු කිරීම මෙමඟින් සිදු වෙනවා. වැරදි කොට්ඨාශ නීර්ණයට වෙලා ගියා, කාලයක් ගත වුණා. කිසිම මැතිවරණ ක්‍රමයක් අංග සම්පූර්ණ මැතිවරණ ක්‍රම නැහැ. ජනතා අභිලාෂය ඉටු කිරීමේ වගකීම පැවරුණේ මේ රජයටයි. මැතිවරනවලට බය නෑ. දැන් මැතිවරණයට ඉදිරිපත් වෙලා ජයග්‍රහනය කරන්න. පළාත් පාලන යාන්ත්‍රණය කාටත් හොදීන් පවත්වාගැනීමට අවස්ථාව ලැබිලා තිබෙනවා. සමහර ගැටළු තිබෙනවා.වැදගත් මූලධර්ම ගැන සිතන්න ඕන.
විශාල විද්වත් සාකච්ඡා රැසක් ගිහිල්ලා යම් තැනකට ඇවිත් තිබෙනවා. ඉතාම ඉක්මනින් මැතිවරණය පවත්වන්න පනත සම්මත කර ගත යුතු යැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.