පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන ) පනත් කෙටුම්පත විවාදයට එක්වෙමින් පාර්ලිමේන්තුවේ දී අමාත්‍යවරයා මෙසේ පැවසී ය.
අද වැදගත් පනතක් විවාදයට ගන්නේ. දේශපාලන පක්ෂවලට වාසි සහගත මැතිවරණ ක්‍රමයක් හදන්න බෑ. ඕනෑම මැතිවරණ ක්‍රමයක අඩුපාඩු තිබෙනවා.එදා අඩුපාඩු මේ පනත මඟින් නිවැරැදි වී තිබෙනවා. කාන්තා නියෝජනය වැඩි වී තිබෙනවා.
මෙවර නව පනත තුළින් සමස්ත සමානුපාතික ක්‍රමය තිබෙනවා ඒ වගේම කොට්ඨාශ ක්‍රමයත් හඳුන්වා දී අඩුපාඩු නිවැරැදි කරන්න කටයුතු කර තිබෙනවා. කාන්තා නියෝජනයට විශේෂත්වයක් ලබාදී තිබෙනවා. කොට්ඨාශයට මන්ත්‍රීවරයෙක් ලැබෙන මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දී තිබෙනවා. විවිධ අඳහස්වල ප්‍රතිඵලයක් ලෙස පාර්ලිමේන්තුවේ දේශපාලන පක්ෂවල එකඟතාවයෙන් මෙම මැතිවරණ ක්‍රමය ඉදිරිපත් කරන්න හැකි වී තිබෙන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.