අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සියලු දුම්රිය ගේට්ටු සඳහා බෙල් ඇන්ඩ් ලයිට් ක්‍රමය ස්ථාපිත කිරීමට කටයුතු කරනවා

    අගෝස්තු 23, 2017

    සියලු දුම්රිය ගේට්ටු සඳහා බෙල් ඇන්ඩ් ලයිට් ක්‍රමය ස්ථාපිත කරන්න කටයුතු කරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

    අනාරක්ෂිත දුම්රිය ගේට්ටු සම්බන්ධයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ඩග්ලස් දේවානන්ද මහතා ස්ථාවර නියෝග 23(2) යටතේ මතු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා අද (23) පාර්ලිමේන්තුවේ දී මේ බව පැවසී ය.

    අනාරක්ෂිත දුම්රිය ගේට්ටු පිළිබඳව  කාලයක් බම්බු ගේට්ටු කරුවන් පත් කර සිටියා. ඔවුන් යම් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගත්තා. මේ ගේට්ටුවලින් සමහර ඒවාට තාක්ෂණික ක්‍රමයක් තිබුණා. බෙල් ඇන්ඩ් ලයිට් ගේට්ටු කොච්චර තිබුණත්  දුම්රිය මාර්ගය හරහා යනවා. ඒ නිසා දඩ මුදල වැඩි කරන්න යනවා. පොලීසියේ සිවිල් ආරක්ෂක කමිටු එකතු කරලා, ඔවුන් ඉදිරිපත් වුණා ගරු සේවයක් ලෙස මෙය සිදු කරන්න.ස්වේඡ්ඡාවෙන් ආවේ. දැන් දීමනා ඉල්ලන්න පටන් ගත්තා. මේ දීමනා ගෙවන්නේ පොලීසිය විසින්. එක් අයකුට රුපියල් 7500ක් ලබාදුන්නා. ස්වෙච්ඡාවෙන් වැඩ කළ අය ස්ථීර කරන්න ඉල්ලීම ප්‍රායෝගික නැහැ.

    නිලධාරි කමිටුවක් පත් කළා නිර්දේශ ලබාදෙන්න. මේ පිළිබඳව දීර්ග ලෙස සාකච්ඡා කළා. ගේට්ටු බලාගැනීම පවුල්වලට දෙන්න තීරණය කළා. ඉන්දියාවෙත් මෙවැනි ක්‍රමයක් පවතිනවා.අප සාධරණ වැඩපිළිවෙලක් සකස් කළා.   වසර දෙකක් තුළ සියලු දුම්රිය ගේට්ටු බෙල් ඇන්ඩ් ලයිට් ක්‍රමයට ස්ථාපිත කරන්න කටයුතු කරනවා. මේ වනවිට ගේට්ටු 200ක් සඳහා ප්‍රතිපාදන ලැබී තිබෙනවා.ඒ අනුව සියලු ගේට්ටු සඳහා මේ ක්‍රමය යොදා ගන්නවා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya