මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නියඟය හේතුවෙන් වගා හානිවූවන්ට වන්දි - කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය

    අගෝස්තු 22, 2017

    නියඟය හේතුවෙන් වගා හානිවූවන්ට වන්දි ලබාදීමට ක්‍රියාකරන බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතා අද (22) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසී ය.

    වගා හානිවූවන්ට අක්කරයක් සඳහා උපරිමය රුපියල් 10,000කට යටත්ව ඉල්ලුම්කරන්නන්ට වන්දි ලබාදෙන බව අමාත්‍යවරයා පවසයි.

    මේ මහ කන්නයේ දී වී වග කළ සමස්ත බිම් ප්‍රමාණය අක්කර 612223.57කි. පවතින දැඩි නියඟය නිසා වගා හානි වූ බිම් ප්‍රමාණය අක්කර 50615.05ක් වන අතර නියඟය නිසා අහිමිවන වී බුසල් ප්‍රමාණය 40,53395.37ක් බවද අමාත්‍යවරයා සඳහන් කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya