අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ''හෙට දකින රනිල්'' ඡායාරූප ප්‍ර‍දර්ශනයේ අවසන් දිනය අදයි

    අගෝස්තු 20, 2017

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ දශක හතරක දේශපාලන ගමන්මගේ සුවිශේෂ අවස්ථා ආවරණය කළ ''හෙට දකින රනිල්'' ප්‍රදර්ශනයේ පසුගිය 17 වැනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍ර‍ධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍ර‍ණ ශාලාවේදී ආරම්භ වූ අතර අද (20) දිනයේදී ද එම ප්‍ර‍දර්ශනය පැවැත්වේ.

    ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍ර‍තිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක, ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග, මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍ර‍මරත්න යන මහත්වරුන්ගේ ප්‍ර‍ධානත්වයෙන් අද දින මෙම ප්‍ර‍දර්ශනය ආරම්භ වේ.

    මෙම ප්‍ර‍දර්ශනයේ අවසන් දිනය වන අද දිනයේ ද පෙ.ව.10.00 සිට ප.ව.8.00 දක්වා ජනතාව වෙනුවෙන් විවෘතව තැබීමට නියමිතය.

    1977 වසරේ එවකට ළාබාලතම මන්ත්‍රීවරයා ලෙස පාර්ලිමේන්තුවට පිවිසුණු රනිල් වික්‍රමසිංහ මැතිතුමා ලාංකේය දේශපාලනයේ තීරණාත්මක භූමිකාවක් හෙබ වූ අතර, ස්වකීය දශක හතරක අභියෝගාත්මක දේශපාලන ගමන තුළ එතුමා විසින් සිදුකළ ජාතික මෙහෙවර ඇගයීම මෙම ප්‍රදර්ශනයේ ප්‍රමුඛ අරමුණ වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya