"ජනමාධ්‍ය නියාමනය හා ජනමාධ්‍ය නිදහස" මැයෙන් මෙවර එහි විශේෂ ආරාධිත දේශනය පවත්වන ලද්දේ ඉන්දියානු පුවත්පත් මණ්ඩලයේ සභාපති චන්ද්‍රමෞලි කුමාර් මහතා විසිනි.
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන ලසන්ත අලගියවන්න, කරුණාරත්න පරණවිතාන යන මහත්වරුන් ද, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස, මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ආරියරත්න දොඹගහවත්ත, ගාමිණි සුමනසේකර යන මහත්වරුන් ඇතුළු සම්භාවනීය ආරාධිත පිරිසක් ද, ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති කොග්ගල වෙල්ලාල බන්දුල මහතා ඇතුළු එහි සාමාජිකයින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.