නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “මාධ්‍ය අධ්‍යයනය හා පුවත්පත් කලාව” පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවේ සහතිකපත් ප‍්‍රදානය ජනපති සුරතින්

    අගෝස්තු 02, 2017
    ශ‍්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය විසින් මෙහෙයවන “මාධ්‍ය අධ්‍යයනය හා පුවත්පත් කලාව” පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවේ 5 වැනි කණ්ඩායමේ සහතිකපත් ප‍්‍රදානෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (02) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්විණි.
     
    “ජනමාධ්‍ය නියාමනය හා ජනමාධ්‍ය නිදහස” මැයෙන් මෙවර එහි විශේෂ ආරාධිත දේශනය පවත්වන ලද්දේ ඉන්දියානු පුවත්පත් මණ්ඩලයේ සභාපති චන්ද්‍රමෞලි කුමාර් මහතා විසිනි.
     
    මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන ලසන්ත අලගියවන්න, කරුණාරත්න පරණවිතාන යන මහත්වරුන් ද, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස, මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ආරියරත්න දොඹගහවත්ත, ගාමිණි සුමනසේකර යන මහත්වරුන් ඇතුළු සම්භාවනීය ආරාධිත පිරිසක් ද, ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති කොග්ගල වෙල්ලාල බන්දුල මහතා ඇතුළු එහි සාමාජිකයින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya