මැදිරිගිරිය, මිගස්වැව ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකකය අද පෙරවරුවේ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ජනතා අයිතියට පත්කෙරිණි.
මීගස්වැව, වඩිගවැව, පතොක්වැව, සෙනරත්පුර , කුමුදුපුර සහ මයිලගස්හංදිය යන ප්‍රදේශවල පවුල් 3000 කට ආසන්න පිරිසකගේ සෞඛ්‍ය පහසුකම් පුළුල් කරමින් ඉදිකර ඇති මෙම වෛද්‍ය සත්කාර ඒකකය සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 11 කට ආසන්නය.
සමරු ඵලකය නිරාවරණය කර වෛද්‍ය සත්කාර ඒකකය විවෘත කිරීම ජනාධිපතිතුමා අතින් සිදුවූ අතර එහි ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි පළමු රෝගියා ලියාපදිංචි කිරීම සිදුවූයේ ද ජනාධිපතිතුමා අතිනි.
උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න, පළාත් සෞඛ්‍ය අමාත්‍ය එම්. හේරත් බණ්ඩා, පළාත් අමාත්‍ය සම්පත් ශ්‍රී නිලන්ත යන මහත්වරුන් ඇතුළු පළාතේ මහජන නියෝජිතයින් පිරිසක් ද ජනාධිපතිතුමා සමග මෙම අවස්ථාවන්ට එක්ව සිටියහ.