නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සතොස කොකේන්වලට සම්බන්ධ නෑ- ඇමැති පාර්ලිමේන්තුවේ දී කියයි

    ජූලි 28, 2017

    කොකේන් සිදුවීමට සතොස ආයතනයේ කිසිදු සම්බන්ධතවයක් නැතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා අද (28) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, පර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

    තමන් අමාත්‍යධූරයට පත් වූ දින සිට සතොස ආයතනය මඟින් කිසිදු භාණ්ඩයක් ආනයනය කර නොමති බවත්  පෞද්ගලික භාණ්ඩ සැපයුම්කරුවන් මඟින් සිදු කෙරෙන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.

    සිද්ධියට සම්බන්ධ කොකේන් තොගය සම්බන්ධයෙන් සතොස නිලධාරීන් විසින් පොලීසිය දැනුවත් කිරීමට ද කටයුතු කර තිබූ බවත් පරීක්ෂණ අවසන් වන තෙක් සීනි ගෙන් වූ පෞද්ගලික ආයතනයෙන් භාණ්ඩ මිලදී ගැනීම තාවකාලිකව නවතා දැමීමට කටයුතු කර ඇති බවද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya