කතානායක කරු ජයසූරිය මහතා විසින් අදාළ පනත් කෙටුම්පත, නියමයන් සම්මත වූ බව සභාව වෙත දන්වා සිටියේ ය.
ඛනිජ තෙල් වෘත්තීය සමිති ගෙන යන වර්ජනය සම්බන්ධයෙන් සභාවේ උණුසුම් වාද ඇති වූ අතර සභාවේ කටයුතු තාවකාලිකව අත් හිටුවීමට ද කතානායකවරය පියවර ගත්තේ ය. ඉන් අනතුරුව යළිත් සභාවේ සභාවේ කටයුතු ආරම්භ වුවත් දිගින් දිගටම සභාවේ උණුසුම් වාද විවාද ඇති විය.
අද දිනට නියමිත කටයුතු ආරම්භ කරන ලෙස කතානායකවරයා දන්වා සිටියේ ය.
අදට විවාදයට ගැනීමට නියමිතව තිබූ අතර පැවැති තත්ත්වය හමුවේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමයන් සහ ජාතිය ගොඩනැගීමේ බදු (සංශෝධන ) පනත් කෙටුම් පත, රේගු ආඥාපනත යටතේ යෝජනාව විවාදයට නොගෙන ම සම්මත කිරීම සිදු විය.