නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික යොවුන් දින සැමරුම් කොඩියක් කතානායකවරයාට

    ජූලි 26, 2017
    ජූලි 26 වන දිනට යෙදෙන ජාතික යොවුන් දිනයට සමගාමීව ජාතික තරුණ සේවා සභාව සහ ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය එක්ව සංවිධානය කරන යොවුන් කොඩි දින වැඩසටහනේ කොඩියක් කතානායක කරු ජයසූරිය මහතා වෙත පැළඳවීම ඊයේ (25) පස්වරුවේ පාර්ලිමේන්තුවේ දී සිදු විය. එමෙන් ම මෙහිදී නියෝජ්‍ය කතානායකවරයාට ද කොඩියක් පැළඳවීම සිදු විය.
     
    ජගත් තරුණ වර්ෂය වශයෙන් නම් කොට තිබූ 1985 වසරේදී ජාතික යොවුන් කොඩි දිනය ප‍්‍රකාශයට පත්කෙරිණි.
     
    2011 සිට 2015 දක්වා එය ක්‍රියාත්මක නොවූ අතර නැවත වත්මන් රජය යටතේ 2016 වසරේ සිට ජාතික යොවුන් දින සැමරුම් වැඩසටහන් ක්‍රියාවට නැංවිණි. ඒ අනුව මෙවර යොවුන් කොඩි දිනය ක්‍රියාත්මක වන්නේ 28 වන වරටය.
     
    දිවයින පුරා පිහිටුවා ඇති යෞවන සමාජ 13,000ක, යෞවන සමාජ ප‍්‍රාදේශීය මණ්ඩල 334 ක හා යෞවන සමාජ දිස්ත්‍රික් මණ්ඩල 26 ක සාමාජික සාමාජිකාවන්ගේ සහභාගිත්වයෙන් දිවයින පුරා මෙම කොඩි වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. තරුණ සංවර්ධනය වෙනුවෙන් අරමුදල් රැස්කිරීම මෙහි අරමුණ වන අතර යෞවන සමාජ විසින් හඳුනාගත් සුදුසු ප‍්‍රජා සංවර්ධන ව්‍යාපෘති ඒ යටතේ ක්‍රියාත්මක කෙරේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya