මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බොරැල්ල, බෝසෙත විහාරස්ථානයේ විහාර සංකීර්ණ විවෘත කෙරේ

    ජූලි 25, 2017

    බොරැල්ල, බෝසෙත විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරනු ලබූ වෙහෙර වහන්සේ සහිත විහාර සංකීර්ණය විවෘත කිරීමේ පුණ්‍ය මහෝත්සවය ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (24) පස්වරුවේ පැවැත්විණි.

    සමරු ඵලකය නිරාවරණය කර වෙහෙර වහන්සේ සහිත විහාර සංකීර්ණය විවෘත කළ ජනාධිපතිතුමා එහි ධාතු මන්දිරය වෙත ගොස් ආගමික වතාවත්වල නිරත විය.

     

    විහාරාධිපති පූජ්‍ය පයින්ඩිකුලමේ ධම්ම සෝබන හිමිපාණන් වහන්සේ විසින් මෙහිදී ආගමික වතාවත් සිදුකොට ජනාධිපතිතුමා වෙත ආශිර්වාද පළ කළහ.

     

    ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නායක ස්වාමීන් වහන්සේ, ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති පූජ්‍ය දොඩම්පහළ චන්ද්‍රසිරි ස්වාමීන් වහන්සේ ප‍්‍රමුඛ මහා සංඝරත්නය ද අමාත්‍යවරුන් වන විජයදාස රාජපක්ෂ, පාඨලී චම්පික රණවක, නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල, ජයන්ත සිල්වා, නිශාන්ත ශී‍්‍ර වර්ණසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya