අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආසියා ශාන්තිකර විදුලි සංදේශ සංගමයේ සමුළුව ඇරඹේ

    ජූලි 24, 2017

    ආසියා ශාන්තිකර විදුලි සංදේශ සංගමයේ 17 වැනි ප්‍රතිපත්ති සහ නියාමන සමුළුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (24) පෙරවරුවේ කොළඹ දී ආරම්භ කෙරිණි.

    ආසියා ශාන්තිකර විදුලි සංදේශ සංගමයේ මහලේකම් ඇරීවන් හැවොරන්ග්සි මහත්මිය විසින් මෙහිදී ජනාධිපතිතුමා වෙත විශේෂ සමරු තිළිණයක් පිළිගැන්වීය.

     

    ආසියා ශාන්තිකර විදුලි සංදේශ සංගමයේ සියලු සාමාජිකයින්, ආශ්‍රිත සාමාජිකයන්, අනුබද්ධ සාමාජිකයන් සහ ජාත්‍යන්තර කලාපීය සංවිධාන සාමාජිකයින් මෙම සමුළුව සඳහා එක්ව සිටිති.

     

    ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සභාපති ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු, අධ්‍යක්ෂ ජනරාල් කිංස්ලි ප්‍රනාන්දු යන මහත්වරුන් ද, ප්‍රතිපත්ති සහ නියාමන සමුළුවේ සභාපති සෙයිජි ටකාජි, ආසියා ශාන්තිකර විදුලි සංදේශ සංගමයේ නියෝජ්‍ය මහලේකම් Masarori Kondo යන මහත්වරුන් ඇතුළු පිරිසක් සමාරම්භක අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya