අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “people of sri lanka” ග‍්‍රන්ථය ජනගත කිරීම ජනපති ප‍්‍රධානත්වයෙන්

    ජූලි 19, 2017
    ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යාංශය විසින් සම්පාදනය කරන “people  of sri lanka” ග‍්‍රන්ථය ජනගත කිරීමේ උළෙල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (18) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ දී පැවැත්විණි.
     
    ශ්‍රී ලංකාවේ වාසය කරන ජන වර්ග 19 ක් පිළිබඳ තොරතුරු, ඔවුන්ගේ සංස්කෘතීන් සහ සිරිත් විරිත් පිළිබඳ කරුණු ඇතුළත් කරමින් ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් මහතාගේ මග පෙන්වීම යටතේ මෙම ග‍්‍රන්ථය සම්පාදනය කර තිබේ.
     
    ග‍්‍රන්ථයේ පළමු පිටපත අමාත්‍ය මනෝ ගනේෂන් මහතා විසින් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.
     
    ජන වර්ග 19 නියෝජනය කරමින් ග‍්‍රන්ථය සම්පාදනය වෙනුවෙන් දායකත්වය දැක්වූවන් වෙත තිළිණ ප‍්‍රදානය කිරීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.
     
    එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නේවාසික නියෝජිත උනා මැකෝලී මහත්මිය වෙත ද ජනාධිපතිතුමා අතින් සමරු තිළිණයක් පිළිගැන්විණි.
     
    අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, කථානායක කරූ ජයසූරිය, විපක්ෂනායක ආර්. සම්බන්ධන්, අමාත්‍ය මනෝ ගනේෂන් යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරුන් ද, ආණ්ඩුකාරවරුන්, පළාත් ප‍්‍රධාන අමාත්‍යවරුන්, රාජ්‍ය නිලධාරින් සහ දෙස් විදෙස් ආරාධිත පිරිසක් ග‍්‍රන්ථය එළිදැක්වීමේ උළෙලට එක්ව සිටියහ.
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya