''තිරසර යුගයක් - පිරිසිදු පුරයක්'' තේමාව යටතේ පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් මෙම වැඩමුළුව සංවිධානය කර තිබුණි.
විධිමත් කසළ කළමනාකරණය හා ඩෙංගු උවඳුර මැඩලීම සම්බන්ධ යෝජනා හා නිර්දේශ ඇතුළත් වාර්තාව අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා විසින් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.
පළාත් ආණ්ඩුකාරවරුන්, ප්‍රධාන අමාත්‍යවරුන් ඇතුළු පළාත් පාලන ආයතන ප්‍රධානීන් මෙම වැඩමුළුවට එක්ව සිටියහ.