අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපතිට බංග්ලාදේශයේදී ඉහළ පිළිගැනීමක්

    ජූලි 13, 2017

    බංග්ලාදේශ අගමැතිණි ෂීක් හසීනා මහත්මියගේ ආරාධනාවක් අනුව තෙදින රාජ්‍ය සංචාරයක් සඳහා බංග්ලාදේශය බලා පිටත්ව ගිය ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද (13) පෙරවරුවේ බංග්ලාදේශයේ ඩකා ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ළඟාවිය.

    ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා බංග්ලාදේශයේ සිදුකරන පළමු සංචාරය මෙය වන අතර ජනාධිපතිතුමා වෙත ඉහළ පිළිගැනීමක් ලබාදිම වෙනුවෙන් එරට රජය සියලු කටයුතු සුදානම් කර තිබුණි.

     

    ඩකා ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා බංග්ලාදේශ ජනාධිපති මොහොමඞ් අබ්දුල් හමීඞ් මැතිතුමා විසින් ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබූ අතර ආචාර වෙඩි මුර 21 ක් සහිත හමුදා උත්තමාචාර පිරිනමමින් ඉතා අභිමානවත් අයුරින් එම පිළිගැනීම සිදු විය.

     

    එමෙන්ම ශ්‍රී ලංකා - බංග්ලාදේශ ජාතික ධජවලින් ඩකා ජාත්‍යන්තර ගුවන් තොටුපළ සරසා තිබුණේ ද දෙරටේ හෘදයාංගම මිතුදම මැනවින් විදහාදක්වමිනි.

     

    බංග්ලාදේශ විදේශ අමාත්‍යවරයා, මුදල් අමාත්‍යවරයා, සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු ඉහළ පෙළේ මැති ඇමතිවරු පිරිසක් ද ජනාධිපතිතුමා පිළිගැනීම වෙනුවෙන් ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ.

     

    1972 වසරේ ඇරඹි ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් තහවුරු කර ගනිමින් දෙරට අතර ආර්ථික, වෙළෙඳ සබඳතා නැවුම් ප‍්‍රවේශයක් ඔස්සේ ඉදිරියට ගෙනයාම ජනාධිපතිතුමාගේ මෙම සංචාරයේ අරමුණ වන අතර, බංග්ලාදේශ අගමැතිණිය ඇතුළු ඉහළ පෙළේ අමාත්‍යවරු කිහිප පළක් සමඟ ද ජනාධිපතිතුමා ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

     

    එමෙන්ම දෙරට අතර කෘෂිකර්ම, අධ්‍යාපන, විදේශ කටයුතු පුහුණවීම්,  ආගමන සහ විගමන ආදී ක්ෂේත‍්‍ර ආවරණ වන පරිදි අවබෝධතා ගිවිසුම් කිහිපයකට ද මෙහිදී අත්සන් තැබීමට නියමිතය.

     

    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ආයෝජන සහ ව්‍යාපාරික අවස්ථා පිළබඳ සොයා බැලීමේ ව්‍යාපාරික හමුවකට ද ජනාධිපතිතුමා සිය සංචාරය තුළදී එක්වනු ඇත.

     

    අමාත්‍ය රවී කරුණානායක, රාජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු, වසන්ත අලවිහාරේ, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන ලසන්ත අලගියවන්න, නිශාන්ත මුතුහෙට්ටිගම යන මහත්වරුන්ද ජනාධිපතිතුමා සමග මෙම සංචාරයට එක්ව සිටිති.

     

    11

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya