අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිඹුලාගලට තොරතුරු සන්නිවේදන තාක්ෂණ අධ්‍යාපන මධ්‍යස්ථානයක්

    ජූලි 11, 2017

    දිඹුලාගල නව කලාප අධ්‍යාපන කාර්යාලය සහ දිඹුලාගල කලාපීය තොරතුරු සන්නිවේදන තාක්ෂණ අධ්‍යාපන මධ්‍යස්ථානය ඊයේ (10) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් විවෘත කෙරිණි.

    නව කලාප අධ්‍යාපන කාර්යාලය විවෘත කිරීමෙන් අනතුරුව උතුරු මැද පළාතේ ගුරුභවතුන්ට නිල හැදුනුම්පත් ලබාදීමේ වැඩසටහන සංකේතවත් කරමින් ගුරුවරුන් කිහිප දෙනෙකු වෙත නිල හැදුනුම්පත් ලබාදීම ද ජනාධිපතිතුමා අතින් සිදුවිය.

    උතුරුමැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න, රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක, පළාත් අමාත්‍ය සම්පත් ශ්‍රී නිලන්ත, පොළොන්නරුව දිසිත්‍රීක් ලේකම් රංජිත් ආරියරත්න කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා එච්.බී.එම්. සංජීවිකා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya