අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පූජ්‍ය මකුරුප්පේ පඤ්ඤාසේකර නායක ස්වාමින් වහන්සේ සංඝනායක පදවියට

    ජූලි 11, 2017
    නැගෙනහිර පළාත හා තමන්කඩුව එගොඩපත්තුව යන දෙපළාතේ ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලද පූජ්‍ය මකුරුප්පේ පඤ්ඤාසේකර නායක ස්වාමින් වහන්සේ වෙත ශ්‍රී සන්නස් පත්‍රය පිළිගැන්වීම වෙනුවෙන් සංවිධානය කළ උත්සවයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්  (10) පස්වරුවේ දෙහිඅත්තකණ්ඩිය මහවැලි ශාලිකා ශාලාවේදී පැවැත්විණි.
     
    අභිනව ප්‍රධාන සංඝනායක හිමිපාණන් වහන්සේ වෙත ශ්‍රී  සන්නස් පත්‍රය පිළිගැන්වීම අස්ගිරි විහාර පාර්ශවයේ අනුනායක පූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සී අනුනායක ස්වාමින් වහන්සේ අතින් සිදු වූ අතර ජනාධිපතිතුමා විසින් අභිනව සංඝනායක හිමිපාණන් වහන්සේ වෙත විජිනිපත පිළිගැන්විණි.
     
    අස්ගිරි මහාවිහාරයීය කාරක සංඝ සභාවේ මහාලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍යපාද මැදගම ධම්මානන්ද, මහියංගණ රජමහා විහාරාධිපති පූජ්‍ය උරුලෑවත්තේ ධම්මරක්ඛිත, රංගිරි දඹුළු රාජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය ගොඩගම මංගල යන නායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ද, අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, දයා ගමගේ, නියෝජ්‍ය ඇමතිනි අනෝමා ගමගේ, උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න, මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, නැගෙනහිර පළාත් ප්‍රධාන අමාත්‍ය නසීර් අහමඩ් යන මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයින් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya