අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සර්ටිස් ලංකා සමාගමෙන් ලක්ෂ 25ක ප්‍ර‍දානයක්

    ජූනි 25, 2017

    සර්ටිස් ලංකා සමූහයේ හතළිස් වන සංවත්සර සැමරුම හා සම්මාන රාත්‍රිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා කොළඹ දී පැවැත්විණි.

    සර්ටිස් ලංකා සමාගමට උසස් සේවාවක් ලබාදීම අගයමින් එම සමාගම විසින් ප්‍රදානය කෙරුණු මූල්‍යමය ත්‍යාගල කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් වෙත ජනාධිපතිතුමා අතින් පිරිනැමුණු අතර උසස් පෙල සමත්ව විශ්වවිද්‍යාල සුදුසුකම් ලත් එම සමාගමේ සේවයේ නියුතු දෙමාපියන්ගේ දරුවන් වෙත ද ජනාධිපතිතුමා අතින් ශිෂ්‍යත්ව ප්‍රදානය කෙරිණි.

    සර්ටිස් ලංකා සමාගමේ සභාපති සංඛ විජේසිංහ මහතා විසින් බෞද්ධ පුනරුද අරමුදල වෙනුවෙන් රුපියල් ලක්ෂ 25ක මුදලක් ද ජනාධිපතිතුමා වෙත පිරිනැමීය.

    අනතුරුව සභාපතිවරයා විසින් ජනාධිපතිතුමා වෙත සමරු තිළිණයක් ද පිරිනමනු ලැබීය.

    මෙම අවස්ථාවට ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධනල සර්ටිස් සිස්කෝ සිංගප්පූරු සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ චාලි ලුන් මහතා ඇතුඑ කාර්ය මණ්ඩල නිලධාරීන් ද සාමාජිකයින් ද සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya