අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නොබැඳි පිළිවෙතින් ඉවත් වී නෑ - ලෝක දේශපාලන තත්ත්වය හමුවේ ද්විපාර්ශවික ගිවිසුම් ඇතිකර ගැනීම රටට වැදගත්

    ජූනි 21, 2017

    නොබැදි පිළිවෙතින් ඉවත් වී නෑ, ශ්‍රී ලංකාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය 2004 වසරේ අත්සන් කළ ආරක්ෂක ගිවිසුම දීර්ඝ කිරීමට රජය බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (21) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

    මෙහිදී තවදුරටත් අඳහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා මෙසේ ද පැවසී ය.


    ''ශ්‍රී ලංකාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය 2004 වසරේ අත්සන් කළ ආරක්ෂක ගිවිසුම දීර්ඝ කිරීමට අප රජය බලාපොරොත්තුවෙනවා. එම ගිවිසුමේ මූලික අරමුණ වන්නේ,වැඩිදියුණු කළ,ප්‍රවර්ධන සහයෝගය තුළින් හමුදාවන්ගේ අන්තර්ග්‍රහණය සූදානම් බව සහ කාර්යසාධනය ඉහළ නැංවීම සහ ආහාර ජලය රැකියා ප්‍රවාහන,ඛණිජ තෙල්,ලිහිසි තෙල්,සන්නිවේදන සේවා, වැනි මූලික මෙහෙයුම් සහ සහයෝගිතාවය සඳහා අවශ්‍ය අවස්ථාවන් ගොඩනැගීම සහ පාර්ශවයන් අතර ඒකාබද්ධ ක්‍රියාකාරකම් පුහුණුවීම් මෙහෙයුම් වෙනත් සහයෝගිතා උත්සහායන් තුළින් අනපේක්ෂිත හෝ වෙනත් අවධානම් තත්ත්වයක දී යම් පාර්ශවයකට අවශ්‍ය සහයෝගීතාවය සැපයුම් හා සේවා පහසුකම්, අනෝන්‍යය සහයෝගය තුළින් ළඟා කර ගැනීමයි.

    වර්තමාන ලෝක දේශපාලන තත්ත්වය හමුවේ මෙවැනි ද්විපාර්ශවික ගිවිසුම් ඇතිකර ගැනීම අප රටට ඉතා වැදගත් වෙනවා.මෙම ගිවිසුමේ අන්තර්ගත කරුණු පිළිබඳව ඇමෙරිකානු එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකා රජය අතර රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ මූලික සාකච්ඡාවට කීපයක් පවත්වා තිබෙනවා. තාක්ෂණික වට සාකච්ඡා කර තිබෙනවා. පෙර ගිවිසුමේ සහ නව යෝජිත ගිවිසුම අතර වෙනස වන්නේ,ගිවිසුමේ දක්වා ඇති වලංගු කාල සීමාවයි.''

    ''ගිවිසුම අත්සන් කිරීමට පෙර  ඒ ගැන දැනුම් දෙන්නම්. නොබැදි පිළිවෙතින් ඉවත් වී නෑ. පාර්ලිමේන්තුවේ සාකච්ඡාවක් අවශ්‍යනම් ඒ පිළිබඳව දැනුම් දෙන්නම්'' යැයි ද අග්‍රාමාත්‍යවරයා පැවසීය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya