කසළ කළමනාකරණය විධිමත් කිරීම පිළිබඳ පසුගියදා ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිතුමා මෙම උපදෙස් ලබා දුන් අතර කසළ කළමණාකරනය පිළිබඳ දීප ව්‍යාප්තව ගෙන යන වැඩපිළිවෙළේ ප‍්‍රගතිය පිළිබඳව එහිදී නිලධාරින්ගෙන් කරුණු විමසීය.
පළාත් පාලන ආයතන විසින් තෝරා ගනු ලැබූ ස්ථානවලට කසළ බැහැර කිරීමේදී එම කටයුතුවලට බාධා පමුණුවන පිරිස්වලට එරෙහිව දැඩි නීතිමය කි‍්‍රයාමාර්ග ගැනීමට ද මෙහිදී පොලිස්පතිවරයා වෙත උපදෙස් දුන් ජනාධිපතිතුමා පරිසර පොලීසිය ශක්තිමත් කිරීමට පියවර ගන්නා ලෙස ද උපදෙස් දුන්නේය.
පුත්තලම, අරුවක්කාරු කසළ බැහැර කිරීමේ අංගනය ඉදිකිරීම වෙනුවෙන් මේ වසරේ රුපියල් මිලියන 2,000 ක මුදලක් ලබාදීමට කටයුතු කරන බව ද ජනාධිපතිතුමා මෙහිදී ප‍්‍රකාශ කළේය.
මාර්ග දෙපස අවිධිමත් ලෙස කසළ බැහැර කිරීම් පිළිබඳ දෛනික වාර්තාවක් ලබාදෙන ලෙස ද ජනාධිපතිතුමා පරිසර පොලිසිය වෙත දැනුම් දුන්නේය.
අමාත්‍යවරුන් වන පාඨලී චම්පික රණවක, වජිර අබේවර්ධන, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් කමල් පත්මසිරි, බස්නාහිර පළාත් සභාවේ ප‍්‍රධාන ලේකම් දයා සෙනරත් යන මහත්වරුන් සහ ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පති ඇතුළු ආරක්ෂක අංශ ප‍්‍රධානින් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.