අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දුර්වල කළ ස්වෛරීත්වය රටේ නැවත ඇති කළා - අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න

    ජූනි 06, 2017

    දුර්වල කළ ස්වෛරීත්වය රටේ නැවත ඇති කර තිබෙන බවත් එකම රටක එකමුතු ගමනක් යා යුතු බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා අද (06) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.


    ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජීනීවා මානව හිමිකම් යෝජනාව සම්බන්ධයෙන් අද (06) පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා යොමු කළ සභාව කල්තබන අවස්ථාවේ යෝජනාවේ විවාදයේ අඳහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ය.

    තර්ක නැති කොට වෙන දේවල් කියන්න එපා. එවැනි දේ නිස මේ රට නැති වෙලා. පසුගිය රජයේ ක්‍රියාදාමය නිසා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂම ලංකාවට විරුද්ධව යෝජනාව ගෙනාවේ. එදයි ස්වෛරීත්වය කඩ වැටුණේ එදයි. රටේ දුර්වල කළ ස්වෛරීත්වය නැවත ඇති කර තිබෙනවා. අපි ක්‍රමවේදය වෙනස් කරමින් යනවා.

    අපේ රජය ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්න,යහපාලනය ස්ථාපිත කරන්න, නීතිය ආධිපත්‍ය ඇති කරන්න, සාමකමී විරුද්ධත්වය පළ කරන්නට, අඳහස් ප්‍රකාශ කරන්න ඉඩ දී තිබෙනවා. වෙනස එයයි. අපි ස්වෛරීත්වය ආරක්ෂ කරගෙනයි ඉදිරියට යන්නේ. මේ රටේ දේශපාලන බොරු ප්‍රචාර කරනවා. අපේ රජය ජාත්‍යන්තරයට යට වෙන්නේ නෑ. අපි නොබැදි ප්‍රතිපත්තිය අනුගනය කරන රටක්.  අපිට ආර්ථික සහන ලැබී තිබෙනවා.එකම රටක එකමුතු ගමනක් යා යුතුයි. කිසිදු බලවේගයකට යට වෙන්නේ නෑ යැයි ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya