අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අපගේ ප්‍රශ්න අපට විසඳාගැනීමට හැකියාව තිබෙනවා - බංකොළොත් දේශපාලඥයන් ජාතිවාදය අවුස්සන්න විවිධ බලවේග භාවිතා කරනවා

    ජූනි 06, 2017

    අප සාමය සඳහා කැපවී සිටිනවා. අපගේ ප්‍රශ්න අපට විසඳාගැනීමට හැකියාව තිබෙනවා. බලයට එන්න බැරි බංකොළොත් දේශපාලඥයන් ජාතිවාදය අවුස්සන්න විවිධ බලවේග භාවිතා කරනවා. අප ඉදිරියට යන්නට නම් රටේ දැන්වත් සිංහල,දෙමළ මුස්ලිම් සියලු ජාතීන් එකතු විය යුතු බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කරයි.


    ශ්‍රී ලංකාව පිළිබඳ  ජීනීවා මානව හිමිකම් යෝජනාව සම්බන්ධයෙන් අද (06) පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා යොමු කළ සභාව කල්තබන අවස්ථාවේ යෝජනාවේ විවාදයේ අඳහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ය.


    මෙය යෝජනව අලුත් යෝජනාවක්. ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වයට හානියක් වන දෙයක් රජය කර නෑ. අපි මේ රටේ ජනතාව වෙනුවෙන් අනාගතය ශ්‍රී ලංකාවේ අනන්‍යතාව වෙනුවෙන් එකඟතා යෝජනාව තුළින් ප්‍රකාශයට පත් කළා. ශ්‍රී ලංකාව නැවතත් ස්වෛරීභාවය තහවුරු  කර තිබෙනවා. ජිනීවා වර්තා, යෝජනාවේ නිර්දේශවලට යටත් වෙනවා කියා නෑ. මන්ත්‍රීවරු අසත්‍ය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටිය යුතුයි.


    මේ යෝජනාව හොඳින් කියවා බලන්න. මෙම නිර්දේශ යෝජනාවේ ඇතුළත් ද කියලා බලන්න. මේ යෝජනාවට ශ්‍රී ලංකාවට සහාය දැක්වූවා. රටවල් 48ක් සහාය දැක්වූවා. ප්‍රබල රටවල් අපිට උදව් කරන රටවල් අපේ රටේ අපේ යෝජනාව සහාය ලබාදෙන්න නැගී සිටියා, කතා කළා. රුසියාව, චීනය, නාලදිවයිම් එක්සත් රාජධානිය, ඕස්ට්‍රලියාව නැගී සිටියා.

    ට්‍රම්ප් ජනාධිපතිතුමාගේ නියෝජිතයා  මා හමුවුණා. ශ්‍රී ලංකාව වැදගත් පියවර රැසක් ගෙන තිබෙන බවට ප්‍රසංශාව පළ කළා. ලංකාව යන මාර්ගය ගැන ප්‍රසංශා කළා. මහින්ද රාජපක්ෂ මැතිතුමා හා උපදේශකයන් අද ස්වෛරීත්වය ගැන කතා කරනවා. ඔවුන් මේ හානිය සිදු කළේ. වෙනම පරීක්ෂණයක් ආරම්භ කළා, එදා ආණ්ඩුව. ඒ වෙලාවේ තමයි, රටේ වාසනාවට ආණ්ඩුව වෙනස් වුණේ. මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ වාසනාවට. විදුලි පුටුවට යවන්න බෑ. ආණ්ඩුවට වෙනස් නොවී ගමන් කළ මාර්ගයේ ගියානම් ජාත්‍යන්තර පරීක්ෂණයේ ප්‍රතිඵලයක් ලෙස රටට සම්බාධක එනවා, එහෙනම්කර්මාන්තශාලා දස දහස් ගණනාවක් වැහිලා. වාර්තාව අයින් කරගන්න මම ජිනීවා නුවර ගියේ. මම ජිනීවා නුවර ගිහිල්ලා කිව්වා, දැන් ජාත්‍යන්තර පරීක්ෂණ කරන්න අවශ්‍ය නෑ. අපිට ජනවරමක්  ලැබුණා, දේශීය පරීක්ෂණයක් කරන්න. අපේම පරීක්ෂණයක් අපි කරගන්නම් කිව්වා.


    අපි වරදක් කර තිබේනම් රටේ නීතිය අනුව දඬුවම් කරන්නම් කියන අපේ යෝජනාවලිය ඇතුළත් කළේ. එය විදේශ යෝජනාවක් කියනවා නම් එය අමූලික බොරුවක්. අපේ රෝඩ් මැප් එකට ලෝක සහාය ලබාගත්තේ.එයට රටවල් සහාය ලබාදීලා, අපිට අවුරුදු දෙකක් තවත් කල් ලබාගන්න පුළුවන් වුණා.

    ආණ්ඩුව වෙනස් වුණේ නැත්නම් මේ තත්ත්වය ඇතිවන්නේ නෑ. අප යුද්ධයක් කළා. අප සාමය සඳහා කැපවි තිබෙනවා. අපගේ ප්‍රශ්න අපට විසඳාගැනීමට හැකියාව තිබෙනවා. බලයට එන්න බැරි බංකොළොත් දේශපාලඥයන් විවිධ බලවේග භාවිතා කරනවා ජාතිවදය අවුස්සන්න. රජයක් වශයෙන් අපගේ වගකීම අපි බාරගත්තා.


    අපේ ක්‍රියාවලිය තුළින් පමණයි හමුදාවේ කීර්තිනාමය ආරක්ෂා කරගැනීමට පුළුවන්. ලෝකය පිළිගත් විශිෂ්ඨ හමුදාවක් ශ්‍රී ලංකාවේ ඉන්නවා. ජනමාධ්‍යවේදීන්ට පහර දුන්නා නම්, පැහැර ගත්තා නම්, දෙමළ සිංහල ළමයි මැරුවා නම් හමුදාව නොවේ මොන ලෝගුව ඇන්දත් මේ රටේ සමාවක් ලැබෙන්නේ නෑ. එසේ කිරීමෙන් තමයි හමුදාවේ කීර්තිනාමය රැකගන්න හැකි වන්නේ.

    ඒකාබද්ධ විපක්ෂය වර්තමානයේ ලෝකයේ සිදුවන දේ ගැන අවබෝධයෙන් තොරව කටයුතු කරනවා. රටේ ස්වාධිපත්‍යභෞමික අඛණ්ඩතාවය වැදගත් වෙනවා. අපි තාක්ෂණික දියුණු ලෝකය තුළ, ස්වාධිපත්‍ය තුළ විශාල වගකීම් සම්භාරයක් තිබෙනවා. මගේ ගෙදර ඇතුළේ ඕන දෙයක් කරන්න පුළුවන් කියලා කියන්න බෑ. රටේ කොටසකට හරිහැටි සළකන්නේ නැත්නම් ජාත්‍යන්තර නීතියකට බලපෑම් කරන්න පුළුවන් .එය අප තේරුම් ගත යුතුයි.  අපේ රට තුළ අපේ කටයුතු  කරගෙන යන්න පුළුවන් ඇඟිළි ගැසීමක් නොවන්නට. රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සාර්ථකව කරගෙන යනවා. කොහොම වුණත්, ජිනීවා යෝජනාවල දී  අපගේ කාර්යයන් ඉටු කිරීමට සමත් වුණා. අපි ඒ පිටරට පරීක්ෂණ අපේ අතට ගත්තා.

    අපේ අනාගතය ගැන අපි තීන්දු කරනවා නම් , මේ රටේ සිංහල,දෙමළ මුස්ලිම් ජනතාවට සාධාරණයක් ඉටු විය යුතුයි. විශේෂයෙන් ම අපි මේ ගමන ඉදිරියට යන්න නම් රටේ දැන්වත් සිංහල, දෙමළ මුස්ලිම් සියලු ජාතීන් එකතු විය යුතුයි. එසේ නොවුණහොත් යන්න බෑ. අපිට අළුත් ගමන් යන්න අවශ්‍යයි. අපි එකට යමු.  නිසයි මේ යෝජනාව ඉත වැදගත් වෙන්නේ. අපි මේ ගමන ගොස් ශ්‍රී ලංකාවට අලුත් පිටුවක් පෙරළමු යැයි ද අමාත්‍යවරයා පැවසී ය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya