නොවැම්බර් 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගංවතුර ආපදාවෙන් විපතටපත් ජනතාවට පාර්ලිමේන්තුවේ සංවේගය පළ කෙරේ

    ජූනි 06, 2017

    අයහපත් වර්ෂාව හේතුවෙන් විපතටපත්ව, ජීවිත අහිමිව, දහස් ගණනාවක් ජනතාව විපතට පත්වීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව සංවේගය පළ කරන බව කතානායක කරූ ජයසූරිය මහතා අද (06) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

    කතානායකවරයා අද පාර්ලිමේන්තුවේ දී  නිවේදනයක් ඉදිරිපත් කරමින් මේ බව පැවසී ය.

    පසුගිය දින ඇඳහැළුණු දාරනිපාත වර්ෂාව හේතුවෙන් අප රටේ දිස්ත්‍රික්ක 08කට ඇති වූ බරපතල ගංවතුර තත්ත්වය නිසා ඉතිහාසයේ පෙර නොවූ විරු අයුරින් දෙසීයකට අධික මිනිස් ජීවිත ප්‍රමාණයක් අහිමි වීම දහස් සංඛ්‍යාත පිරිසක් අවතැන්වීමත් දේපළ අහිමිවීමත් දැඩි කම්පාවට පත්වන අතර ඇති වූ නායයෑම් හේතුවෙන් අසරණ වූ ජන ජීවිත වෙනුවෙන් පාර්ලිමේන්තුවේ සාතිශය සංවේගය පළ කරමි.

    මේ අසරණ වූ ජන ජීවිත යතා තත්ත්වයට පත් කිරීමේ ඒකායන පරමාර්ථයෙන් මානවීය දයාව කරුණාව පෙරදැරිකරගෙන රාජකාරියට වඩා පරිත්‍යාගශීලී ලෙංගතුකමින් කාලය ශ්‍රමය වැයකරමින් ඉදිරිපත් ව මේ වනවිට කටයුතු කරමින් සිටින ත්‍රිවිධ හමුදාව අතුළු සියලු ආරක්ෂක අංශවලටත් රජ්‍ය සේවයේ නිලධාරී මහත්ම මහත්මීන්ටත් සම්බන්ධ වූ විවිධ ආයතන, සංවිධාන, පුද්ගලයන්ට, පාර්ලිමේන්තුවේ කතානායකවරය ලෙස හෘදයාංගම කෘතඥතාවය පිළිගන්වමි.

    ප්‍රජාසේවාවල යෙදෙන අවස්ථාවේ ජීවිතක්ෂයට පත් වූ ගුවන් හමුදාවේ නිලධාරීයේ ඉතා සංවේදීව සිහිපත් කරන අතර, තවත් මාධ්‍ය ආයතන මාධ්‍ය වර්තාකරණයෙන් ඔබ්බට යමින් අවතැන් වූ තම අසරණ ජනතාව වෙනුවෙන් ආධාර බෙදා දෙමින් සිදු කළ උත්තුංග කාර්යය වෙනුවෙන් සියලු මාධ්‍ය ආයතනවලටත්,සියලු ස්වෙච්ඡා සංවිධානවලටත් අනෙකුත් පරිත්‍යාගශීලීන්ට කෘතවේදීත්වය පිළිගන්වමි.

    රුදුරු ගංවතුරින් අන්ත අසරණ වූ උන්හිටිතැන් අහිමි වූ ජනතාවට කිසියම් හෝ සහනයක් ලබාදීමට අප සෑම අවස්ථවකදී ම ආණ්ඩු පක්ෂයේ විරුද්ධ පක්ෂයේ සියලු පාර්ලිමේන්තු ජනතා නියෝජිතයින් අවධාරණය කරමින් පවසා සිටියේ,පක්ෂ පාට,බෙදීම් පසෙකලා ඉදිරියේ දී එවැනි ඛේදවාචකයන්ට මුහුණදීමටත් ජීවිත හා දේපළ හනි අවම කරගැනීමටත් ආපදා කළමනාකරණය සඳහා යෝග්‍ය යාන්ත්‍රණයක් සකස් කිරීම ඉතාම කාලෝශිත බවයි.


    අප රටේ ඉදිරි පරම්පරාවට මෙවන් භයානක ව්‍යවසනවලට ගොඳුරු නොවීමට මනා අධ්‍යයනයකින් පසු යෝජිත යාන්ත්‍රණයක් හා සැළැස්මක් ක්‍රියාත්මක කිරීමට සුදුසු කාලය එළැඹී සිටින බව මොනවට පැහැදිළි වෙයි. සැබෑ ජනත නියෝජිතයන් ලෙස අප සැම එකතු වී අත්වැල් බැදගෙන පොදු අරමුණ වෙනුවෙන් සුද්හුසු ඉක්මන් වැඩපිළිවෙළක් අවතීර්ණවීමට අධිෂ්ඨාන කරගනිමු යැයි ද කතානායකවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya