නොවැම්බර් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉඩම් ඇමැති විශේෂ රැස්වීමක් කැඳවයි

    ජූනි 02, 2017

    ඉඩම් අමාත්‍යවරයා ලෙස අභිනවයෙන් පත්වූ ගයන්ත කරුණාතිලක මහතා තම පත්වීම භාර ගැනීමෙන් පසු  තම අමාත්‍යංශය යටතේ පවතින සියලුම දෙපාර්තමේන්තු හා ආයතන ප්‍රධානීන් කැඳවා විශේෂ රැස්වීමක් ඊයේ (02) පැවැත්විණි.

    බත්තරමුල්ල ඉඩම් අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී මෙම රැස්වීම පැවති අතර රජයේ අනාගත සැලසුම් හා ඉඩම් ඔප්පු දශලක්ෂයක් බෙදාදීමේ ජාතික වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ගතයුතු ඉදිරි පියවර පිළිබඳවද කරුණු දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

     

    මෙම අවස්ථාව සඳහා ඉඩම් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය I.H.K මහානාම මහතා මෙන්ම ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුවල ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුවල ඉඩම් පරිහරණ හා ප්‍රතිපත්ති සැළසුම් දෙපාර්තමේන්තුවල මිනින්දෝරු දෙපාර්තමේන්තුව හා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව නියෝජනය කරමින් නිලදාරීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya